ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන තමා නොදැන සිටි බව ට්‍රම්ප් කියයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පසුගියදා ඊශ්‍රායලය කටාරයේ හමාස් ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරය තමන්ට කලින් දැනුම් දී තිබුණු බවට සිදු කෙරෙන ප්‍රකාශ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත්තේ මිසයිල ගුවනට යොමු කිරීමෙන් පසු තමන්ට ඒ පිළිබඳ දැනුම් දුන් බවත් ප්‍රහාරයට විරුද්ධ වීමට එහිදී අවස්ථාවක් නොලැබුණු බවයි. කටාරයට එල්ල කළ ප්‍රහාරය අමෙරිකානු ජනාධිපතිවරයා කලින් දැන සිටි බවට ඊශ්‍රායල නිලධාරීන් උපුටා දක්වමින් නිකුත් කර තිබූ මාධ්‍ය වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණේ, කටාර්හි දෝහා වෙත ඉකුත් දා ප්‍රහාරයක් එල්ල කළේ ඉහළ පෙළේ හමාස් නායකයින් පිරිසක් ඉලක්ක කරමින් බවයි. කෙසේවෙතත් ඊශ්‍රායලය මෙන්ම කටාරයද අමෙරිකාවේ සමීපතම මිතුරන් වීම හේතුවෙන් මෙම ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා දැඩි අපහසුතාවට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කරයි.

නැවතවරක් ඊශ්‍රායලයෙන් කටාරයට ප්‍රහාරයක් එල්ල නොවනු ඇති බවටද මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නකිරීමකදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...