LOLC සමූහයට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට් ආයතනය ගල් අඟුරු සැපයුම් ගනුදෙනුව කෙරෙහි නෙත් යොමයි!

Date:

පසුගිය දිනවල කතාබහට ලක් වූ නොරොච්චෝලේ විදුලි බලාගාරය සමඟ ඇති කරගත් කොන්ත්‍රාත්තුව පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබුණි. මෙහි දී නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන් පාර්ශ්වයෙහි යම් පසුබැසීමක් පැවතුන අතර ඒ සඳහා ගල් අඟුරු සැපයීම සඳහා නිකුත් කල ලංසු පිළිබඳව අදාල බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට LOLC සමූහයට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට් ආයතනය සූදානමින් සිටී.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනය විසින් කොළඹ කොටස් වෙළඳපොලට (CSE) කරුණු ගොනුකරමින් ඊයේ ප්‍රකාශ කළේ, රජය යෝජනා කැඳවීමේ කැබිනට් තීරණයට අනුව නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 4.5 ක ප්‍රසම්පාදනය සඳහා අගෝස්තු 12 වන දින චයිනා මැෂිනරි ඇන්ඩ් ඉංජිනියරින් කෝපරේෂන් (CMEC) සමඟ එක්ව අනවශ්‍ය යෝජනාවක් ඉදිරිපත් කළ බවයි.

එහිදී තෝරාගත් ලංසුකරු ගල් අඟුරු සැපයීමට අපොහොසත් වීම ගැන දැනගත් බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට් සමාගම ඒ සඳහා ඔවුන්ට ක්‍රියා කළ හැකි බව පවසා 2022 සැප්තැම්බර් 8 වන දින විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට ලිඛිතව මේ පිළිබඳ ව දැනුම් දෙන ලදී.

කෙසේ නමුත්, පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ ටෙන්ඩරය අවසන් වන අවස්ථාවේ තෝරාගත් ලංසුකරු විසින් අවම ලංසුව ලබාදුන් බවයි.

ටෙන්ඩරය අවසන් වී දින දෙකකට පසු CMEC-Browns තවත් යෝජනාවක් එවූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“ටෙන්ඩරයක් අවසන් කළාට පස්සේ අපිට ගිහින් වෙනත් අයෙකුට ඇණවුම දෙන්න බැහැ,” විජේසේකර මාධ්‍ය වාර්තාවකට ඉදිරිපත් කල කරුණු අතර විය.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් 2022 සැප්තැම්බර් 8 දින විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට යැවූ ලිපියේ, 2022 අගෝස්තු 12 දින තම ඉල්ලීම් නොකළ යෝජනාවේ ඉදිරිපත් කර ඇති එම කොන්දේසි අසාර්ථක වූ පසුවත් පිළිපැදීමට කැපවී සිටින බව නැවත නැවතත් අවධාරණය කළේය.

එම යෝජනාවේ ඉදිරිපත් කර ඇති කොන්දේසි සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය ගල් අඟුරු පරිමාව සුරක්ෂිත කිරීම සඳහා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සමාගම අපේක්ෂා කරයි” යනුවෙන් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් විසින් ගොනු කර ඇති ලේඛනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පසුගිය සතියේ කියා සිටියේ ද දැනට පවතින ගල් අඟුරු සැපයුම 2022 ඔක්තෝබර් දක්වා විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...