දේශපාලන පක්ෂවලත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නෑ, ඉතිං කොහොමද තරුණයො බලය ගන්නෙ – මහින්ද දේශප්‍රිය

සියයට සියයක් වැඩිහිටි පාර්ලිමේන්තුවකින් හෝ සියයට සියයක් තරුණ පාර්ලිමේන්තුවකින් හෝ අර්බුද විසඳිය නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. තරුණයන් සහ වැඩිහිටියන් අතර තිබෙන මෙම වෙනස ඉවත් කර තරුණ වැඩිහිටි මිශ්‍ර පාලනයක් බිහිකර ගැනීම රටේ අවශ්‍යතාවය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වයස අවුරුදු 60 න් රාජ්‍ය සේවකයන් විශ්‍රාම යන ආකාරයෙන්ම දේශපාලනඥයන් සඳහාද විශ්‍රාම වයස් සීමාවක් හඳුන්වා දිය යුතු බවට විශාල ජනමතයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ එසේ වුවහොත් රජයේ සේවෙයන් විශ්‍රාම යන රාජ්‍ය නිළධාරියෙකුට දේශපාලනයට පැමිණීමට ඇති අවස්ථාව අහිමි වන බවයි.

තරුණයන් අතට බලය නොලැබීමට බලපා ඇති ප්‍රධානතම සාධකය දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම බවත් මෙතෙක් රට පාලනය කළ පක්ෂ මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයක් හෝ ලබාගෙන නොමැති පක්ෂ තුළද නායකයන් අසීමිත බලයක් භාවිතා කරමින් සිටින බවත් දේශප්‍රිය මහතා පවසනවා. එවැනි තත්වයක් තුළ තරුණයන්ගේ ප්‍රශ්න, කාන්තාවන්ගේ ප්‍රශ්න, සුළුතර කණ්ඩායම්වල ප්‍රශ්න කිසිවක් විසඳිය නොහැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළකළේ ප්‍රජාතන්ත්‍රවාදී දිනය නිමිත්තෙන් ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...