ජල බිල් නොගෙවූ 21000 කගේ සැපයුම විසන්ධි කරද්දී පොලු තැබූ මැති ඇමතිවරුන්ට බිල් ගෙවන්න සහන කාලයක් !

Date:

පාරිභෝගිකයන්ගේ 21,527 කගේ ජල සැපයුම අගෝස්තු මාසය තුළදී අත්හිටවූ බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පවසනවා. මණ්ඩලයට අයවිය යුතු මුදල් නිසිපරිදි ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මෙම පාරිභෝගිකයන්ගෙන් අයවිය යුතු මුදල රුපියල් බිලියන 5.2 කට ආසන්න බවද ඒ මහතා පෙන්වා දෙනවා.

මේ අතර ජල බිල්පත් සඳහා ගෙවීම් පැහැර හැර ඇති මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුවත් කර තිබෙනවා. කතානායකවරයා අදාල මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුවක් ජල සම්පාදන මණ්ඩලයෙන් ලබාගෙන ඇති අතර මෙම ගැටලුව පිළිබඳව ඔවුන් දැනුවත් කරන බවද කතානායකවරයා පවසා තිබෙනවා.

මැති ඇමතිරවුන්ට හිග බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති කතානායකවරයා එම කාලසීමාව තුළ හිග බිල්පත් පියවීමට කටයුතු නොකරන මැති ඇමතිවරුන්ගේ ජල සැපයුම විසන්ධි කරන ලෙස දන්වා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...