දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/16

Date:

  1. ශ්‍රී ලංකාව දකුණු ආසියාතික කලාපය තුළ විවිධ පාර්ශවයන්ගෙන් පීඩනයට ලක්වන තත්ත්වයට පත්ව ඇති බව ජනපති පවසයි – ඉන්දියන් සාගරය තුළ කිසිඳු ගැටුමක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බැවින්, කිසිඳු ලෝක බලවතකුට සහාය පළනොකරන බව සහතික කරයි.
  2. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය දූෂිත බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසයි – මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් අධීක්ෂණය හෝ නියාමනය කිරීමට කොමිසම සතුව ක්‍රමවේදයක් නොමැති බව සැල කරයි.
  3. ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී බටහිර දෙබිඩි පිළිවෙත් ගැන චීනය සහ රුසියාවෙන් චෝදනා – තේරීම් සිදු නොකිරීම, විෂයය මූලිකකරගෙන කතා කිරීම, සහ අපක්ෂපාතීත්වය යන සම්මතයන්ට අනුකූලව කටයුතු නොකිරීමෙන් කොමිසම බැහැර විය යුතු බව අවධාරණය කරයි!
  4. 2022 දෙවන කාර්තුව සඳහා දළ දේශීය නිශ්පාදිතයේ වර්ධන අනුපාතය 2021 දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 8.4 (සෘණ) ලෙස ඇස්තමේන්තු කර ඇත – කෘෂිකර්මය (-8.4%), කර්මාන්ත (-10.0%) සහ සේවා (-2.2%) – 2022 පළමු කාර්තුවේ සියයට 1.6 (සෘණ)
  5. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන්ට අනුව ජනතාව මත බර පටවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කරයි.
  6. මෙම වසරේ දී තමන් විසින් දීර්ඝ කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 04 කට ආසන්න මුදලට අමතරව ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සැපයීමට තමා සැලසුම් නොකරන බව ඉන්දියාව පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන තුරු බලා සිටින බව කියයි!
  7. දුම්කොළ සහ මත්පැන් භාවිතය නිසා වසරකට මියයන පුද්ගලයන් සංඛ්‍යාව 40,000 කට ආසන්න බව ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව කියයි.
  8. මෙරට වන අලි ගහණය 7,000 දක්වා ඉහළ ගොස් ඇති බව වනජීවී අමාත්‍යංශය නිවේදනය කරයි.
  9. අලුතින් විවෘතකළ නෙලුම් කුළුණ නැරඹීමට සියගණනින් ජනතාව රැස්වෙයි!
  10. කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) 10,000 ඉක්මවයි – දේශීය රාජ්‍ය ණ්‍ය ප්‍රතිව්‍යූහගත නොකරනු ඇතිය යන බලාපොරොත්තුව මත කොටස් කිරීම සිදුවෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...