Friday, September 22, 2023
spot_img

Latest Posts

අදත් ප්‍රදේශ කීපයකට වැසි – කාළගුණය සැප්තැම්බර් 16

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නැගෙනහිර, ඌව පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් , බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්මේන්තුව පවසයි.
තවදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.