ජනමාධ්‍යයේ තුන් ඉරියව්වම ජයගත් අශෝක ජයතුංග ඇමෙරිකාවට…!!

Date:

රත්නපාල ගමගේ (ස්විස්ටර්ලන්තයේ සිට)

ස්විට්සර්ලන්තය (LNW): ලංකාදීපයේ නි: විශේෂාංග කර්තෘවරයෙකු වූ අශෝක ජයතුංග මහතා  ඇමෙරිකාවේ වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රධානියා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කොට තිබේ. එරට තානාපති මහින්ද සමරසිංහ මහතාගේ පූර්ව නිර්දේශය ද මේ සඳහා ලැබී තිබේ.

ගාල්ල මහින්ද ආදි ශිෂ්‍යයෙකු වන ජයතුංග මහතා ජාතික රූපවාහිනියේ තිබූ පළමු සජීවී දේශපාලන සංවාදය වූ “ජනමණ්ඩලී” වැඩසටහන් 200 කට අධික සංඛ්‍යාවක් මෙහෙයවා තිබේ. රූපවාහිනියේ “සංවාද මණ්ඩප” වැඩසටහන මෙහෙයවූයේ ද ඒ මහතාය. ITN හි “වන් ටු වන්” සජීවී වැඩසටහන ද ඔහු හරහා ප්‍රේක්ෂකයා වෙත ගියේය. සජීවී සංවාද තුළ ප්‍රබල දේශපාලකයන් කොටු කිරීමේ උපක්‍රමය හා සම්ප්‍රධායේ පුරෝගාමී මාධ්‍යකරුවා වන්නේ ද ජයතුංග මහතාය.

දේශපාලකයන් කොටුකොට තොරතුරු ජනතාවට ලබාදීමේ එම සම්ප්‍රධාය ලංකාදීපය තුළ ද හොඳින්ම ඉටුකල මාධ්‍යකරුවා ද මොහු බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. ලංකාදීපයේ සදුදා හමුව රජ වීදිය හා ඉරිදා ලංකාදීප තිරෙන් පිටුපස දේශපාලන කොළම වැනි ඉතා ජනප්‍රිය ලිපි දශක කිහිපයක් මෙහෙයවූ මාධ්‍යකරු ජයතුංග මහතාය.

ලංකාදීපයෙන් සමුගත් පසු සමාජ මාධ්‍ය තුළ විශ්වාසනීයත්වයෙන් කටයුතු කළ අය අතර ද ඔහු මූලිකත්වය ගත්තේය. එජාප e කොළම, සජබ e කොළම හා ජනපති e කොළම ඉදිරිපත් කරමින් “e කොළම්” සම්ප්‍රධාය හදුන්වා දීමේ පුරෝගාමියා බවට ද ඔහු පත්විය. දේශපාලනයට අමතරව ආර්ථිකය  ව්‍යාපාර හා සමාජ ක්ෂ්‍රේත්‍ර ගැන ද අශෝක ජයතුංග මහතා ඉදිරිපත් කළ ලිපි හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් මහත් ආන්දෝලනයට මෙන්ම ජනතා ආකර්ශනයට ද ලක්වූහ. ඒ තුළ අශෝක ජයතුංග යනු මාධ්‍ය කලාවෙි තුන් ඉරියව් ජයගත් අයෙකි.

පසුගියදා වොෂිනිටන් හිදී තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවී රාජකාරි ඇරඹූ ඔහු ජනපති රනිල් ගේ ඇමෙරිකානු සංචාරය ගැන කරුණු හා පුළුල් විග්‍රහ සහිත  මාධ්‍ය ආවරණයක් ලබාදීම ඇරඹීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ...

චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය...