Monday, September 25, 2023
spot_img

Latest Posts

අවසන් තරගයට සහන්

ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිත ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී මහේෂ් තීක්ෂණට ස්ථානය අහිමි වන බව සහ එම හිස්තැන පිරවීම සඳහා සහන් ආරච්චිගේ කැඳවන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සහතික කර ඇත.ඒ පකිස්තාන තරගය අතර තුර ඔහු ආබාධයකට ලක්වීම නිසාය.පකිස්තානයට එරෙහි ජයග්‍රහණයේදී විශාල මෙහෙයක් කරමින් පාදයේ ආබාධය සහිතව පන්දු යැවූ මහේෂ් තීක්ෂණ එම කණ්ඩායම පකිස්තාන ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කිරීමට විශාල දායකත්වයක් දැක්වීය.

තරගයෙන් අනතුරුව කරන ලද ස්කෑන් පරීක්ෂණවලදී ඔහුගේ ආබාධිත පාදය සුවවන තෙක් තරග වැදීම නුසුදුසු බවට වෛද්‍යවරු කරන ලද නිගමනය මත මහේෂ් තීක්ෂණ අවසාන තරගයෙන් ඉවත් කර ඇත.සහන් තුන් ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක් වන අතර ඔහු ශ්‍රි ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දක්වන්නට සමත් වී ඇති ක්‍රීඩකයෙක්ය.

ඉන්දියාව අවසාන තරගයට වඩාත් නිරෝගී සම්පන්න දක්ෂයන් රැඟෙන ඒමේ අපේක්ෂාවෙන් බංගලාදේශයට පරාජය වූ ඊයේ තරගයේදී විරාට් කෝලි,ජසටින් බුම්රා,හාර්ඩික් පාන්ඩයා සහ මොහොමඩ් සිරාජ් ද විවේක ගන්වා තිබිණ.හෙට අවසන් තරගයේදී සංචිතයට පැමිණි සහන් ආරච්චිගේ ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන්නට විශාල ඉඩක් ඇත.ඔහු ජාත්‍යන්තර එක්දින තරග දෙකකදි ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර වඩාත් සාර්ථක වී ඇත්තේ සහ අවස්ථාව හිමි වි ඇත්තේ පිතිකරුවෙක් ලෙසය.පන්දුවට පහරදිමට ලැබුනු පළමු අවස්ථාවේදි ඔහු ලකුණු 57 ක් ලබමින් නෙදර්ලන්තයට එරෙහිව පීඩනය ඇතුළේ සාර්ථක පිතිකරණයක නියැලෙන්නට සමත් වී ඇත.

එම තරගයේ දී ද කැපී පෙනෙන පන්දු යැවීමන නියැලි මහේෂ් තීක්ෂන ශ්‍රි ලංකාව ආසියානු කුසලාන තරගාවලියේ අවසාන තරගයට ශ්‍රී ලංකාව රැඟෙන ඒම සඳහා විශාල දායකත්වයක් දැක් වූ ක්‍රීඩකයෙක්ය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.