රජයේ වත්කම් වලට මොකද වෙන්නෙ ? විගණකාධිපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ,රජයේ ගිණුම් තුළ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් වුවත් වත්කම් පිළිබඳ තොරතුරු ඇතුළත් වී නොමැති බව හෙළිවී ඇත.

ඒ අනුව අනාවරණ වී ඇත්තේ, 2022 වසර අවසානය වනවිට මෙරට ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 27ක් ලෙසයි.

විගණකාධිපති ඩබ්ලිව්. පී .සී වික්‍රමරත්න මහතා මෙහිදී සඳහන් කර සිටියේ,

“දැනට මූල්‍ය ප්‍රකාශන තුළ තිබෙන මූල්‍ය නොවන වත්කම් විදියට 2022.12.31 දිනට පෙන්නලා තියෙන්නේ ට්‍රිලියන 02යි. හැබැයි මුලු ව්‍යාපෘතිවලට ගත්තු ණය විතරක් (ණය ගෙවලා) 2022.12.31ට පෙන්නලා තියෙනවා ට්‍රිලියන 08ක්. මුළු සමස්ත ණය ට්‍රිලියන 27ක්.”

“තව ට්‍රිලියන 22ක් අපි හඳුනගෙන තිබෙනවා.. ඒක වත්කම් විදියට නෙමෙයි ප්‍රාග්ධන හිඟයක් ලෙස. මේක තමයි මේ ගිණුමේ තිබෙන අවුල් සහගත තත්ත්වය.”

“අපි ගාව බැරකම් ටික තියෙනවා. වත්කම් ටික නැහැ. ඒක තමයි ප්‍රශ්නය තියෙන්නේ. රටේ වත්කම් පිළිබඳ සමස්ත එකතුවක් අපි ගාව නැහැ.”

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පෑවසුවේ මෙවන් අදහසක්,

“මේ ගැටලුව දිගින් දිගටම තිබුණ දෙයක්. කවුරු හරි කිව්වොත් අපි බිලියන 08ක් ණය අරගෙන තිබෙනවා.. බිලියන 02යි වත්කම් තියෙන්නේ කියලා.. එතනම අඩුපාඩුවක් පේනවානේ. ඒක අපි නිවැරදි කළ යුතුයි. හැකි තරම් වත්කම් හඳුනගෙන මේ තියෙන පරතරය පියවන්න අපි කටයුතු කරනවා. වත්කම් සහ වගකීම් තියෙන නියම ආකාරයේ ගිණුමක් ඉදිරියේදී රටට ලබාදෙන්නම්.” ලෙස ඒ මහතා කීය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට...

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...