Thursday, September 28, 2023
spot_img

Latest Posts

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල වේගවත් වෙයි!

කොළඹ LNW:විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගියදා සාකච්ජා දෙකක් පවත්වා තිබේ.

ඒ අනුව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ යාන්ත්‍රණය, ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විදුලිබල ක්ෂේත්‍රයේ නව ආකෘතිය, ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශයේ අරමුණ සහ වගකීම, සංක්‍රාන්තිය කාල සීමාව, සේවකයන් සහ භෞතික සම්පත් අනුගතකිරීමේ ක්‍රියාවලිය, උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීමට වෙන්වූ සමාගම් ස්ථාපනය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකර තිබේ.

විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ජාවට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළ කළමණාකාරීත්වය ඇතුළු නිලධාරීන් සහභාගී වී ඇත.

ASK

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.