Monday, September 25, 2023
spot_img

Latest Posts

හිතේ ගිනි ඇවිලෙතේ…

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පි.ජී.චමින්ද කුමාර සහ කේ.ඒ.නිසංසලා චතුරාණි යන දෙපළ සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා ජීවත් වූ , ගලේවෙල, කලාවැව පාර, කොන්ගොල්ල ප්‍රදේශයේ නිවස ඊයේ (15) පස්වරුවේ ගිනිගෙන මුළුමනින් විනාශ වී ඇත.

ගින්නෙන් ජීවිත හානියක් සිදු වී නොමැති නමුත් ඔවුන්ගේ නිවස සහ එහි තිබූ සියල්ල ගින්නෙන් පිලිස්සී විනාශ වී ඔවුන් මහත් අසරණ තත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අසරණ වූ එම දරුවන් සහ පි.ජී.චමින්ද කුමාර සහ කේ.ඒ.නිසංසලා චතුරාණි යන දෙපළ සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා තාවකාලික නවාතැන්පොළක නැවැත්වීමට ග්‍රාම නිලධාරිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කර ඇති අතර , දරුවන් තිදෙනා වයස අවුරුදු 05ත් 10ත් 12ත් අතර පසුවන්නන් බව පැවසේ. ඔවුන්ගේ පාසල් පොත්පත් සියල්ල ගින්නෙන් විනාශ වී ඇති බවත්
මෙම දෙමාපියන් ඉතා දුෂ්කරතා මධ්‍යයේ සිය දරුවන් පොෂණය කර ඇත්තේ, කුලී වැඩ කරමින් සොයා ගන්නා මුදලෙන් බව තොරතුරු වාර්තා වේ.

මෙම අසරණ වූ පවුලට කාගේ හෝ උදව් උපකාර අවැසි බැවින් ඒ සඳහා සහාය විය හැකි නම්, කාංචන කුමාර ආරියදාස අමතා ඔවුන් සම්බන්ධ කර ගත හැකි අතර ඔහුගේ දුරකතන අංකය පහත දැක්වේ.

කාංචන කුමාර ආරියදාස 077 341 6157

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.