හිතේ ගිනි ඇවිලෙතේ…

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පි.ජී.චමින්ද කුමාර සහ කේ.ඒ.නිසංසලා චතුරාණි යන දෙපළ සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා ජීවත් වූ , ගලේවෙල, කලාවැව පාර, කොන්ගොල්ල ප්‍රදේශයේ නිවස ඊයේ (15) පස්වරුවේ ගිනිගෙන මුළුමනින් විනාශ වී ඇත.

ගින්නෙන් ජීවිත හානියක් සිදු වී නොමැති නමුත් ඔවුන්ගේ නිවස සහ එහි තිබූ සියල්ල ගින්නෙන් පිලිස්සී විනාශ වී ඔවුන් මහත් අසරණ තත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අසරණ වූ එම දරුවන් සහ පි.ජී.චමින්ද කුමාර සහ කේ.ඒ.නිසංසලා චතුරාණි යන දෙපළ සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා තාවකාලික නවාතැන්පොළක නැවැත්වීමට ග්‍රාම නිලධාරිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කර ඇති අතර , දරුවන් තිදෙනා වයස අවුරුදු 05ත් 10ත් 12ත් අතර පසුවන්නන් බව පැවසේ. ඔවුන්ගේ පාසල් පොත්පත් සියල්ල ගින්නෙන් විනාශ වී ඇති බවත්
මෙම දෙමාපියන් ඉතා දුෂ්කරතා මධ්‍යයේ සිය දරුවන් පොෂණය කර ඇත්තේ, කුලී වැඩ කරමින් සොයා ගන්නා මුදලෙන් බව තොරතුරු වාර්තා වේ.

මෙම අසරණ වූ පවුලට කාගේ හෝ උදව් උපකාර අවැසි බැවින් ඒ සඳහා සහාය විය හැකි නම්, කාංචන කුමාර ආරියදාස අමතා ඔවුන් සම්බන්ධ කර ගත හැකි අතර ඔහුගේ දුරකතන අංකය පහත දැක්වේ.

කාංචන කුමාර ආරියදාස 077 341 6157

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...