හිස ඔසවන ඩෙංගු – ආසාදිතයින් 63000 ඉක්මවයි

0
146

කොළඹ LNW:මේ දක්වා වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 63335ක් වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි මෙම මස ගෙවුණු දින 16 තුළ පමණක් ඩෙංගු රෝගීන් 1457ක් වාර්තා වී තිබෙන අතර වැඩිවශයෙන් මෙම රෝගීන් තවදුරටත් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

මැයි සහ ජුනි මාස වලදී පිළිවෙලින් 9696ක් සහ 9916ක් වාර්තා වී ඇත.

බස්නාහිර පළාතෙන් පසු වැඩිම රෝගීන් වාර්තා වී තිබෙන්නේ මධ්‍යම පළාතෙනි.

මේ දක්වා ඩෙංගු මරණ 38ක් සිදුව තිබේ.

ASK