*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ගජමිතුරු සම්බන්ධතා මත කපා හරින ලද සියලු ණය නැවත අයකර ගන්නවා – සජිත් ප්‍රේමදාස (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය බැංකු අංශය තුළ යාළු හිතවත්කම් මත ගජමිතුරු සම්බන්ධතා තුළ උග්‍ර කෝටිපතියන්ගේ ධනවතුන්ගේ ඇප නැතිව ගත් ණය කප්පාදු වුණා කියා අසන්න ලැබෙන බවත් මේ ගැන පාර්ලිමේන්තුවෙන් ඇසූ අවස්ථාවේ රජය ඒවා රහස්‍ය තොරතුරු නිසා පැවසිය නොහැකි යැයි පැවසූ බවත් රජය එසේ කීවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙවැනි හොර ගණුදෙනු හරහා ණය කප්පාදු කළ අයගේ ලැයිස්තුව හෙළි කරන බවත් අනීතික ලෙස මෙවැනි සහන ලැබූ සියලු දෙනාට එම ණය ගෙවිමට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ බැංකු ක්ෂේත්‍රයේ නියුතු වූවන් සමඟ කොළඹ දී සාර්ථකව පැවැත්වූ “බැංකුකරුවන්ගේ සමුළුව” අමතමිනි.

පොඩි මිනිසාට සාමාන්‍ය ජනතාවට එක නීතියක් සහ ගජමිතුරු සම්බන්ධතා ඇති ධන කුවේරයන්ට තව නීතියක් ක්‍රියාත්මක වීමට ඉඩ නොදිය හැකි බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසි කළාට ගජමිතුරු කෝටිපතියන්ගේ දේපල වෙන්දේසි කරන්න රජයට නොහැකි වි ඇති බවත් මේ දේවල් නිත්‍යානුකූලව දේවල් සිදුවිය යුතු බවත් නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ධනය බලය සම්බන්ධතා තිබූ පමණින් ණය කපා හැරි යුගය අවසන් කරන බවත් වැඩිදුරටත් පැවසීය.

බදු සූත්‍රය වෙනස් කරනවා

අපේ රටේ ඇති බදු සූත්‍රය ඉතාම අසාධාරණ ලෙස ක්‍රියාත්මක බවත් මීට වසර ගණනාවකට පෙර බදු පිළිබඳ බදු කොමිෂන් වාර්තාවක් ඇති බවත් එම බදු කොමිෂන් වාර්තාවට අනුව අපේ රටේ බදු ආදායමෙන් 80%ක් වක්‍රව සහ 20%ක් සෘජුවලින් පැමිණෙන බවත් වක්‍ර බදු ප්‍රතිගාමී බදු බවත් ආදායම් මට්ටම කුමක් වුවත් එක හා සමානව ගෙවිය යුතු බවත් පැවසූ ඒ මහතා මැත කාලයේ කිසිදු ආණ්ඩුවක් මේ සංයුතිය වෙනස් කරන්න කටයුතු නොකළත් සමගි ජන බලවේගය එය වෙනස් කරන බවත් අවධාරණය කළේය.

වත්මන් රජය අවශ්‍යතාවටත් වැඩිය බදු අය කරන බවත් උපයන විට බදු ආදායම මේ වන විට ඉක්මවා ගොස් ඇති බවත් හිතාමතාම මේ රජය අධික බදු බර පටවා මර නින්දෙන් නැගිට ඒවා අඩු කරනවා යැයි දැන් කියන බවත් මැතිවරන සමයක මේවා දේශපාලන උප්පරවැට්ටි බවත් තරගයට චක්‍රලේඛ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වන බවත් ජනවාරියේ කරන්න ඕනි දේවල් දැන් කරලා වැඩක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැනට ඇත්තේ 6 සිට 36% දක්වා බදු ගැසීම වුවත් මෙය 1 සිට 24% දක්වා අඩු කරන බවත් මෙහි දී වගකීමෙන් කටයුතු කළ බවත් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රණසිංහ ප්‍රේමදාස යුගයේ 21%ක් සහ 2019 එය 12%ක් තිබුණත් ගෝඨාභය රාජපක්ෂගේ බදු සහන නිසා 8%ට අඩු වී ඇති බවන් ඒ නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන අප රට පහතට දමා ඇති බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා වගකිවයුතු රජයක් ලෙස සමගි ජන බලවේග රජයක් තුළ බදු බර ප්‍රායෝගිකව යථාර්ථවාදීව අඩු කරන බවයි ප්‍රකාශ කළේ.

පරාටේ නීතිය තාවකාලිකව නතර කලාට පමණක් මදි

2016න් පසු බඳවා ගත් රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් වරම් නොලැබූ බවත් එය ද ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් ඊට අමතරව පරාටේ නීතිය තාවකාලිකව නතර කිරීමට ඉල්ලීමක් කළේ කඩා වැටුණු ගරාවැටුණු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නැවත නැගී සිටීමට බවත් මෙහි දී ඔවුන්ට නැවත නැගී සිටීමට ක්‍රමවේදයක් ලබා දිය යුතු වුවත් වත්මන් රජය එය ලබා නොදුන් නමුත් සමගි ජන බලවේග රජයක් තුළ ඔවුන්ට දරාගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රජය ආර්ථික සංකෝචනය විශ්වාස කලාට අපි විශ්වාස කරන්නේ ආර්ථික වර්ධනය

සමගි ජන බලවේගය ආර්ථික වර්ධනය විශ්වාස කළත් වත්මන් රජය ආර්ථික සංකෝචනය විශ්වාස කරන බවත් ආර්ථික හැකිලිම තුළින් ප්‍රශ්න විසදිය නොහැකි බවත් එය බැංකු පද්ධතියටත් විශාල පීඩනයක් බවත් ආර්ථික සංකෝචනය හරහා ජන ජීවිත පවා හැකිලෙන බවත් එම නිසා ආර්ථිකය ප්‍රසාරනය විය යුතු බවත් ඒ තුළින් ජන ජීවිත ඉහළ ගොස් ආදායම් මාර්ග ඇති වන විට නව ව්‍යවසායකයන් බිහිවන විට එය ධනාත්මක ලෙස බැංකු පද්ධතියට ද බලපැම් කරන බවත් එම නිසා සමගි ජන බලවේග ආර්ථික ප්‍රතිපත්තිය තුළ බැංකු සේවා පුළුල් වී කාර්යක්ෂම වී ඩිජිටල්කරණය වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan