රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ (LNW):
2024 ජනාධිපතිවරණයට අදාළව යොදා ගැනෙන ඡන්ද පෙට්ටි දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත නිකුත් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිසම පවසන්නේ, එමෙන්ම ලබන 20 වනදා එම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිකුත් කරන බවයි.
තවද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන් සිටීනම් හෙට සිට ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වනදා තෙක් තමන්ට අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.