ආසන සංවිධායකවරයෙකු නිවසේදී ඝාතනය කරයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ (LNW):

ගාල්ල හිනිදුම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නමැත්තාව ඔහුගේ නිවසේදී ඝාතනය කර ඇති අතර, ඔහු පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී මෙම අපරාධය සිදුකර ඇති බව මීගොඩ පොලීසිය පවසයි.

අනියම් සම්බන්ධයක් පිළිබඳව ද කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මුගුරකින් හිසට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙන අතර එහිදී බරපතළ තුවාල ලැබූ සම්පත් ගමගේ නමැත්තා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත්, ඝාතනය සිදු කළ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර මීට සති දෙකකට පමණ පෙරදී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සහයෝගය පළ කිරීමට කටයුතු කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව ඇවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...