ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW:

ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම එක්දින තරගයකට සහ විස්සයි විස්ස තරග පහකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබා ගෙන මෙහි දක්වා තිබෙනවා.එම තරග පහම පැවත්වෙන්නේ මධයම පළාතට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පිහිටි රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පාදක කර ගෙනයි.


සැප්තැම්බර් 20,21,24,26 සහ 28 යන දිනවල කණ්ඩායම් දෙක විස්සයි විස්ස තරග සඳහාත්,සැප්තැම්බර් 30 වන දින එකම එක්දින තරගය සඳහාත් මුහුණ දිමට නියමිතයි.තරගාවලිය දඹුල්ලට යාම නිසා ක්‍රිකට් ලෝලීත්වයෙන් දුරස් වන්නේද අසන ප්‍රශ්න මාලාවක් ද තැන තැන මතු වෙනවා.එහෙත් ඔස්ට්‍රේලියාවට මුහුණ දෙන සංචිතය බැලූ විට ක්‍රිකට් යන්න තැනකට සීමා නොවී රටටම පැතිර තිබෙන බව පැහැදිළි වෙනවා.
අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමට බස්නාහිර,දකුණ,මධ්‍යම,වයඹ,ඌව සහ නැගෙනහිර පළාත්වලින් ක්‍රීඩිකාවන් ඇතුළත්ව සිටිනවා.තව දුරටත් එය දිස්ත්‍රික්ක ලෙස ගත් විට කොළඹ,ගාල්ල,මාතර,මොණරාගල,ත්‍රීකුණාමලය,අම්පාර,මහනුවර සහ පුත්තලම ලෙස දිස්ත්‍රික් අටක නියෝජනයක් ද දකින්නට ලැබෙනවා.


එසේම මේ පළාත් හයක දිස්ත්‍රික් අටක නියෝජනයක් සහිත සංචිතයේ ගාල්ල රත්ගම දේවපතිරාජයේ පස් දෙනෙකුම දකින්නට ලැබීමත් කැපී පෙනෙනවා.එ වගේම දේවපතිරාජයේ නෙතඟි ඉසුරාංජලී සහ රශ්මි නේත්‍රාංජලී යන දෙසොහොයුරියන් කණ්ඩායම නියෝජනය කිරීමත් කැපී පෙනෙනවා.මාතර අනුර විද්‍යාලයෙන් කණ්ඩායමේ උප නායිකාව වන රශ්මිකා සෙව්වන්දි සහ රිස්මි සංජනා කණ්ඩායම නියෝජනය කරනවා.
කණ්ඩායමට නායකත්වය දෙන මනුදි නානායක්කාර,රශ්මිකා සෙව්වන්දි මෙන්ම ශෂිනි ගිම්හානි ද ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩිකාවන් වන බැවින් ශ්‍රී ලංකාව සතුව ඔස්ට්‍රේලියාවට මුහුණ දෙන්නට ප්‍රබල කණ්ඩායමක් සිටිනවා.


මනුදි නානායක්කාර (වේල්ස් කුමරි විද්‍යාලය – මොරටුව), සංජනා කාවින්දි (දේවපතිරාජ විද්‍යාලය – රත්ගම), විමෝක්ෂා බාලසූරිය (සිංහල මහා විද්‍යාලය – ත්‍රිකුණාමලය), හිරුණි හංසිකා (දේවපතිරාජ විද්‍යාලය – රත්ගම), නෙතඟි ඉසුරාංජලී (දේවපතිරාජ විද්‍යාලය – රත්ගම), රශ්මිකා සෙව්වන්දි (අනුර විද්‍යාලය – මාතර), ශෂිනි ගිම්හානි (දේවපතිරාජ විද්‍යාලය – රත්ගම), අශේනි තලගුණේ (මහාමායා බාලිකා විද්‍යාලය – මහනුවර), ප්‍රමුදි මෙත්සරා (උහන ජාතික පාසල – අම්පාර), දනෝද්‍යා සෙව්මිණි (ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය – පුත්තලම), චමුදි ප්‍රබෝධා (පඤ්ඤානන්ද විද්‍යාලය – මොනරාගල), ලිමංසා තිලකරත්න, රශ්මි නේත්‍රාංජලී (දේවපතිරාජ විද්‍යාලය – රත්ගම), රිස්මි සංජනා (අනුර විද්‍යාලය – මාතර) සහ මිතාලි අයෝධ්‍යා (රජඇල මහා විද්‍යාලය – කන්තලේ)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...