සම්පත් මනම්පේරීට අධිකරණයෙන් ලැබුණ නියෝගය!

Date:

කොළඹ LNW: අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි දින හතක කාලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අද (17) අවසර ලබා දී ඇත.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු අද නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් විය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විත්තිය විසින් කරන ලද කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය උක්ත නියෝගය ලබා දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව එළඹෙන 24 වැනිදා මෙම නඩුව යළි කැඳවීමට නියමිතය.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙන අතර මීට පෙර ඔහුගේ සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත්විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...