බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW :

ඊයේ (16) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ සැකපිට පුද්ගලයින් 634 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවස‍යි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, පුද්ගලයින් 26,780 දෙනෙකු එම මෙහෙයුම්වලදී පරික්ෂාවට ලක්කර ඇති බවයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරට අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 33 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 265 දෙනෙකු ඇතුළත්වේ .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ, බීමත් රියදුරන් 29 දෙනෙකු සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ද එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.