*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

රට ආර්ථික සාපරාධයක. වත්මන් ජනපති රාජපක්ෂ පවුලේ ප්‍රාණ ඇපකරුවෙක් – සජිත් (VIDEO)

මේ රටේ ජනතාවගේ සිත් තුළ පොදු ජන අරගලයක් ඇති වුණේ මේ ජන ඝාතක ජන පීඩිත ආණ්ඩුව එළවා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථිපිත කිරීම වුවත් අවසානයේ සිදු වූයේ රටේ ආර්ථික ඝාතකයක් වූ පිරිසට ආවඩන, ඔවුන් ආරක්ෂා කළ හැකි පුද්ගලයකු ජනාධිපති පුටුවේ වාඩි කර වූ බවයි ඔහු පවා මේ වන විට රාජපක්ෂ පවුල ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජන අරගලයට පහර දී අගමැතිවරයා ඉවත් වූ බවත් ඔවුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවා මැතිවරණ සමයේ සිදු කළේ පහර දීම් ප්‍රචණ්ඩත්වය බවත් පැවසූ විපක්ෂ නායකතුමා, කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා විසින් යූඇන්පී කාරයන්ට පහර දුන් සහ යූඑන් පී කාරයින්ව ඝාතනය කළ පුද්ගලයන්ට පවා ඇමතිකම් ලබා දුන් බවයි.

පසුගිය කාලයේ අම්පාරේ ජනතාව හොඳට ගොවිතැන් කර ගෙන යහපත් ජීවිතයක් ගත කර සිටි බවත් ඔවුන් කාගේවත් වහලෙක්වත් සිරකරුවෙක්වත් නොවූ නමුත්, එදා හොඳින් සිටි රටේ ගොවියා ධීවරයා, කම්කරුවා, කුලීකරුවා, කාන්තා මූලික පවුල්, ආබාධිත පවුල්, පාසල් දරුවන් සියල්ලන් අද අසරණ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ අම්මලාට දරුවන්ට ත්‍රිපෝෂ ටික පවා ලබා දීමට නොහැකි මේ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය ඝාතනය සිදු කළ බව යි.

මේ වන විට වී වලට හොඳ මිලක් නොමැති බවත්, පොහොර සහනාධාරය නොලැබෙන බවත් දරුවන්ට කිරිපිටි නොමැති බවත්, භූමිතෙල් හෝ අනෙකුත් තෙල් නොමැති අවස්ථාවේ පොහොට්ටුවේ ආණ්ඩුව විසින් තමන්ට හිතවත් පාර්ශ්ව අතර ඇමතිකම් බෙදා ගන්නා බවත් පැවසීය. රටේ ආර්ථිකය ඝාතනය කළ රාජපක්ෂවරු ඇමතිකම් බාර නොගත්තත් ඔවුන්ට හිතවත් පාර්ශ්වය විසින් ඇමතිකම් ලබා ගෙන රාජපක්ෂලාට අවශ්‍ය ලෙස රට පාලනය කරන බව ද පැවසීය.

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත හානි වූ අයට රුපියල් ලක්ෂ 10ක් ද තුවාල වූ අයට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබා දුන්නත් ගෙවල් හානි වූ අයට ලබා දුන් වන්දිය කෝටි ගණන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අපේම අය පාස්කු ප්‍රහාරයෙන් මිය ගියත් සැප ගන්නේ මැති ඇමතිවරු බව ද පැවසීය.

මෙවැනි තත්ත්වයත් ඇති කර ගැනීමට ජනතාව පාරට නොබැස්ස බවත් ජනතාව අපේක්ෂා කළ වෙනස මෙය නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වෙනසක් සිදු විය යුත්තේ නව මැතිවරණයකින් බවත් ඒ සඳහා සියලු දෙනාම සූදානම් බව ද විපක්ෂ නායකතුමා වැඩිදුරටත් කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අම්පාර සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (15) එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan