ප්‍රශ්න වෙනුවට අපි උත්තර සපයන විපක්ෂයක් – රෝහල් උපකරණ පරිත්‍යාග කරමින් සජිත් කියයි

Date:

රටත් රජයක් බංකොලොත් වී ඇති මොහොතක රාජ්‍ය බලයක් නොමැති විපක්ෂයක් ලෙස හුස්ම වැඩසටහන සහ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ ඉටු කරන්නේ පුරවැසියන් ලෙස සමාජීය යුතුකම, මහජන වගකීම සහ මේ රටේ ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් තමන්ට පැවරී ඇති සමාජීය වගකීම බවත් මේ අවස්ථාවේ මැති ඇමැතිකම් නොගෙන මේ රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒමට අත හිත දෙන බවත් මැති ඇමතිකම් ලබා ගැනීම තුළින් සිදු වන්නේ බංකොලොත් රටක ජනතාව තවදුරටත් පීඩනයට පත්වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 52වන පියවර ලෙස රුපියල් තිස්පන් ලක්ෂයක් (රු. 3,500,000) වටිනා Dialysis යන්ත්‍රයක් පෙරේදා (15) අම්පාර රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

මීට පෙර වට 51ක් තුල ලක්ෂ 1562ක (රුපියල් 156,216,900) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

74 වසරක දේශපාලනය ගැන විවේචනය පැවතියත් එදා තිබූ විපක්ෂයට වඩා, ප්‍රශ්න අහන විපක්ෂයකට එහා ගොස් තමන් සාර්ථක විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය. වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටි කාලයේ දී රට ගොඩනැගීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ තනතුරු ලබා නොගෙන සෞඛ්‍ය අධ්‍යාපනය ගොඩනැගීම වෙනුවෙන් උදව් කරන බවට පොරොන්දු වූ බවත් ඒ මහතා එහිදී සිහිපත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් හුස්ම වැඩසටහනත් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනත් ආරම්භ කළ බවත් එමඟින් විපක්ෂයක් ලෙස යුතුකම් වගකීම් ඉටු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මැති ඇමතිවරුන් වෙනුවෙන් කැපකරන මුදල් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් යෙදවීමෙන් ජීවිත ගණනාවක් බේරෙන බවත් සමගි ජන බලවේගය විපක්ෂයෙන් ලෙස මේ අවස්ථාවේ සිදු කරන්නේ අඩු පිරිවැයකින් වැඩි වැඩ කොටසක් කර සමාජයට සිදුවිය යුතු වගකීම ඉටු කිරීම බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...