මට්ටක්කුලිය මාරක රිය අනතුරට සම්බන්ධ රියදුරු රිමාන්ඩ්!

අශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මට්ටක්කුලිය, ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ රියදුරා ගංජා භාවිත කර සිටි බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙන අතර වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි අදාළ මෝටර් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ත්‍රීරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබුණි/

මෙම අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...