දිට්වා නිසා නිවාස අහිමි වූවන්ට ලබාදුන් ගෙවල් කුලී දීමනාව ගැන තීරණයක්!

කොළඹ LNW:දිට්වා හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස හානි වී තවදුරටත් කුලී නිවාසවල රැඳී සිටින නිවාස හිමියන් සඳහා පමණක් දැනට ගෙවනු ලබන රු.25,000ක මාසික ගෙවල් කුලී දීමනාව 2026 දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ 2025.12.05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 හි අනු අංක 04 සඳහා සංශෝධන ඇතුළත් කරමින් මෙම දීමනාව අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ බවයි.

නායයෑම් හා ගංවතුර හේතුවෙන් තම නිවස අහිමි වී, පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නිවාස හිමියන්ට නව නිවසක් ඉදිකර අවසන් කරන තෙක් තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචි වීම සඳහා මෙම මාසික ගෙවල් කුලී දීමනාව ලබාදෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...