සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: රුසියාවෙන් තෙල් මිලදී ගන්නා රටවලට දැඩි ආර්ථික පීඩනයක් එල්ල කිරීමේ පියවරක් ලෙස, 100% දක්වා අමතර තීරුබදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලය ලබාදෙන පනත් කෙටුම්පතක් ඇමෙරිකානු නියෝජිත මන්ත්රී මණ්ඩලය අද(17) සම්මත කර තිබේ.
නව පියවරේ ප්රධාන අවධානය යොමුව ඇත්තේ රුසියානු බලශක්ති නිෂ්පාදන මිලදී ගන්නා ඉන්දියාව සහ චීනය වැනි රටවල් වෙතය. පනත ක්රියාත්මක වුවහොත් එවැනි රටවලින් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා ඉහළ අමතර තීරුබදු පැනවීමේ හැකියාව ලැබෙනු ඇත.
ඉන්දියාව මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ රටේ ජනතාවට විශ්වාසදායක සහ දැරිය හැකි බලශක්ති සැපයුමක් සහතික කිරීම තම ප්රමුඛතාවක් බවයි. ඒ අතර, ඉන්දියාවට එරෙහිව මෙවැනි දැඩි තීරුබදු පැනවීම දෙරට අතර වෙළෙඳ සබඳතා සහ ඉදිරි වෙළෙඳ සාකච්ඡාවලට බලපෑම් කළ හැකි බවට අවධානය යොමුව තිබේ.
රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර පවතින මතභේදය තවදුරටත් උග්රවීමේ සලකුණක් ලෙස මෙම පියවර සැලකේ.

