ශ්‍රීලනිප මහලේකම් පුටුවට ලොකු තරගයක්

Date:

දයාසිරි ජයසේකර ඉවත් කළායින් පස්සේ පුරප්පාඩු වෙලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර ගන්න ලොකු තරගයක් ඇතිවෙලා කියලා ආරංචියි.

දයාසිරිව අයින් කරන ගමන්ම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ වැඩබලන මහලේකම් විදියට සරත් ඒකනායකව පත් කරලා තිබුණා. නමුත් දයාසිරි උසාවි ගියාට පස්සේ උසාවිය තීන්දු කරලා තිබුණේ සරත් ඒකනායක ඒ තනතුරේ වැඩබැලීම අත්හිටුවන්න.

ඊටපස්සේ තිබුණු ශ්‍රීලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ ලේකම් තනතුරේ වැඩ ආවරණය කරන්න සාරථී දුෂ්මන්ත මන්ත්‍රීවරයාව පත් කරගත්තා. ඉදිරියේදී ස්ථිර මහලේකම් කෙනෙක් පත්කරන්න නියමිතයි.

මහලේකම් තනතුර ගැන මේ වෙද්දී ලොකු තරගයක් ඇතිවෙලා තියෙන්නේ පක්ෂයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායකයි, පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකයි අතරේ ලු. සරත් ඒකනායක තමන්ගේ ජ්‍යේෂ්ඨත්වය පෙන්නලා තනතුර ගන්න උත්සාහ කරද්දී දුමින්ද තමන් මීට කලිනුත් මහලේකම් තනතුර දරපු එක පාවිච්චි කරලා පුටුවට එන්න ට්‍රයි කරනවා ලු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ගත් අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...