Monday, September 25, 2023
spot_img

Latest Posts

ජනපති රනිල් ඇමරිකාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙසේ ඇමරිකාවට ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙම සැසිවාරය හෙට (18) සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර රනිල් වික්‍රමසිංහ මහතා 21 වැනිදා එම සැසිවාරයට අමතමින් සිය විශේෂ දේශනය සිදුකිරීමට නියමිත ය.

රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාව බලා පිටව ගියේ කියුබාවේ පැවති “G 77 සහ චීනය” සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ය.

RN

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.