විපක්ෂ නායක කියන්නේ විකල්ප අගමැති මිසක් බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි – රනිල්

Date:

කොළඹ LNW:විපක්ෂ නායක යනු විකල්ප අගමැති මිස විකල්ප බස් ඩ්‍රයිවර් කෙනෙක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා මහජන රැළියක් අමතමින් පැවසුවේය.

සජිත් හෝ අනුර රට අමාරුවේ වැටුණු අවස්ථාවේ සහය නොදුන් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

”ඔබ සියලු දෙනා අනාථ කරලා සජිතුයි,අනුරයි පැනල ගියා. දැන් අපි ඔක්කොම එකතු වුණා. පක්ෂ භේදයෙන් තොරව අපි එකතු වුණා. අපි එකතුවෙලා රට හැදුවයින් පස්සේ කියනවා අනේ මටත් චාන්ස් එකක් දෙන්නකෝ කියල. ඕකනේ ඉල්ලන්නේ 21 වැනිදා. මේ රටේ ප්‍රශ්න දියුණු කරන්නේ කොහොමද කියල එක්කෙනෙක්වත් අහනවද? එක්කෙනෙක් කියනවා ඔයගොල්ලන්ට මම ඕන එකක් කරලා දෙන්නම් අනේ මට ජන්දය දෙන්න කියල. එතුමා දැනගන්න ඕනේ විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැති. විකල්ප බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි. ඒ අයට මේක භාර දෙන්නද? මොකක්ද කළේ මේ රටේ ප්‍රශ්න තියෙනකොට. පාසලෙන් පාසලට ගිහින් අවුරුදු 8 ළමයින්ට කිව්වා ලෝක ආර්ථිකය කඩා වැටුණේ එයාට ඒක හදන්න පුළුවන් කිව්වා. මොකක්ද අනුර කුමාර දිසානායක කළේ? මම අහන්නේ අමාරු කාලේ 2022 උදව් කළාද?” යනුවෙන් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...