*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

රාජපක්ෂලා තරම් වෙන කවුරුවත් රටට දැනෙන දෙයක් කරලා නැහැ – පොහොට්ටු ලේකම්

කොළඹ LNW:රට වෙනුවෙන් මහා දැවැන්ත සංවර්ධනයක් කළා නම් ඒ මහින්ද රාජපක්ෂ මහතා පමණක් වන අතර එතුමා එම කටයුතු සිදුකළේ රට වෙනුවෙන් මිස ගෙදර ගෙනියන්න හෝ තමන්ගේ දරුවන් වෙනුවෙන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සිතියම වෙනස් කරමින් අලුත් භූමියක් එක් කිරීමට හැකි වූ එකම නායකයාද මහින්ද රාජපක්ෂ මහතා බවයි ඔහු සඳහන් කරන්නේ.

නිදහසින් පසු රටට දැනෙන සංවර්ධනයක් සිදුකළේ රාජපක්ෂවරු අතර ඔවුන්ව පරාජය කිරීමට යොදන එකම උපක්‍රමය වන්නේ ඔවුන් හොරු ලෙස හංවඩු ගැසීම බවද ලේකම්වරයා පවසයි.

“ජනතාව නොමඟ යවලා මේ රටට වැඩකරන නායකයින් සම්බන්ධයෙන් වැරදි මත ජනතාව අතර පතුරවන දේශපාලඥයින් නිසා තමයි අද මේ රටට මෙහෙම වෙලා තිබෙන්නේ. හොරකමක් කියන්නේ, හොරකමක් වෙන්න නම් යම්කිසි තැනක තිබෙන දෙයක් නැතිවෙලා තිබෙන්න ඕන. මේ රටේ ඉතිහාසය ගත්තොත් අපේ රටේ රජවරු මහා විශාල සංඛ්‍යාවක් සිටියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රජකම් කළා විතරයි රටට දෙයක් කළේ නැහැ. හැබැයි මේ රටට දේවල් කරපු රජවරු පිළිබඳව අදත් ගෞරවයෙන් කතා කරනවා. පරාක්‍රමබාහු,ධාතුසේන, දුටුගැමුණු වගේ රජවරු. ඒ වගේම 1948 මේ රටට නිදහස ලැබීමෙන් පසු මේ රට පාලනය කළ නායකයින් අතරින් රටේ අනාගත පරපුර වෙනුවෙන් දෙයක් හැදුවනම් හැදුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ යම්කිසි දෙයක් කළා. නමුත් මහා දැවැන්ත සංවර්ධනයක් මේ රට වෙනුවෙන් කළා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පමණයි. එතුමා මේ රටේ දැවැන්ත විදුලිබල යෝජනා ක්‍රම රැසක් හදලා මේ රටේ 60% ක් ජනතාවට විදුලිබලය දෙන්න කටයුතු කළා. ඒ වගේම වරාය, අධිවේගී මාර්ග , ගුවන්තොටුපොලවල් හැදුවේ එතුමා ගෙදර ගෙනියන්නවත් , දරුවන්ටවත් නොවේ. මේ රටේ ඔබෙත්, මගෙත් දූදරුවන්ට මේරටේ අනාගතය වෙනුවෙන් නිර්මාණය කළ දේවල්. බ්‍රිතාන්‍යයන් මේ රට අතහැර ගියාට පසු මේ රටේ අලුතින් පාරක්, දුම්රිය මාර්ගයක් හදන්න පුළුවන් වුණු නායකයෙක් හිටියා නම් ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරයි. ඒ වගේම මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක්ට , ඇමතිවරයෙක්ට කරන්න බැරිවෙච්ච කාර්යයක් එතුමා කළා. එය තමයි ශ්‍රී ලංකාවේ සිතියම වෙනස් කරන්න හැකිවීම, ශ්‍රී ලංකාවේ සිතියමට අලුතින් භූමියක් එකතු කරන්න පුළුවන්වෙච්ච එකම නායකයා ලෙස ඉතිහාස ගතවෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරයි.
.

මේ රටට වැඩකරපු,මේ රට වෙනුවෙන් සේවය කළ රාජපක්ෂවරු කියන්නේ මේ රට මහා දැවැන්ත සංවර්ධනයට ගෙනියපු නායකයෝ පිරිසක්. ඔවුන් පමණයි නිදහසින් පසු මේ රටට දැනෙන සංවර්ධනයක් කළේ. ඒ වගේ නායකයින් පිරිසක් පරාජය කරන්න නම් ඔවුන්ට කරන්න තිබෙන එකම දේ තමයි රාජපක්ෂවරු හොරු කියලා බොරු ලේබල් එකක් ගහලා ජනතාවගේ හිත තුළ ඒ මතය එත්තු ගන්න උත්සහාදරපු එක.” යනුවෙන් කාරියවසම් මහතා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan