ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ පෝස්ටර් ලක්ෂ ගණනින් ඉවත් කෙරේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ (LNW):

ජනාධිපති ධූර අපේක්ෂකයන් වෙනුවෙන් පසුගිය අගෝස්තු මස 17 වැනිදා සිට මේ දක්වා කාලසීමාවේදී අලවා තිබූ පෝස්ටර් හය ලක්ෂ විසිහත්දාහස් තුන්සියයක් (6,27,300) මේ වනවිට පොලිසිය විසින් ඉවත් කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම තවත් පෝස්ටර් දෙලක්ෂ හත්දහස් නවසියයක් (2,40,900) පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කරයි.

එමෙන්ම ඊට අමතරව බැනර් 1,500ක් ඉවත් කර තවත් බැනර් 1,100ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිසිය විසින් ඉවත් කර ඇති කටවුට් සංඛ්‍යාව 1,550ක් වන බවද පැවසේ.

තවත් කටවුට් 1,600ක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, මීට අමතරව දැන්වීම් හා පත්‍රිකා 7,600ක් ඉවත්කර තවත් දැන්වීම් හා පත්‍රිකා 10,750ක් පොලිසිය භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...