මාධ්‍ය විසින් ප්‍රබන්ධ නායකයෝ හදපු යුගය අවසන් – AKD

Date:

කොළඹ LNW: මාධ්‍ය වෙතින් හදන ප්‍රබන්ධ නායකයින් වෙනුවට ජනතාවගේ ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් ලෙස ජාතික ජන බලවේගයේ ජය සහතික වී ඇති බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ හිරියාලේදී පැවති ”දිනුම රටට රට අනුරට” මහජන රැළිය අමතමිනි.

”මීට කලින් ආණ්ඩු හදන්නේ මාධ්‍ය බලය තියෙන අය.මාධ්‍ය ප්‍රබන්ධ නායකයෝ හදනවා.වැඩකරන විරුවෝ,ආසියාවේ ලොකුම මොළය,මොළ හතේ නායකයෝ වගේ මාධ්‍ය විසින් ප්‍රබන්ධ නායකයෝ හදනවා. එහෙම ජන්ද කරපු ඉතිහාසයක් තියෙන්නේ. මාධ්‍ය විසින් බිය සැකය,අවලාද ගහනවා. වද කොත්තු,වද ඇඳුම්,වද දොස්තරලා එහෙම තමයි ආණ්ඩු හැදුවේ. හැබැයි අද අපිට මාධ්‍ය දීපු සහයෝගය තියෙනවා. ඒකට ගරු කරන ගමන් අද වෙද්දී ජයග්‍රහණය කරලා තියෙන්නේ මාධ්‍ය වෙතින් එහාට යන ජනතාවගේ ස්වයං ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් තමයි මේ ජයග්‍රහණය පිටිපස්සේ තියෙන්නේ. මෙතන ඉන්න හැම අම්මා තාත්තා කෙනෙක්ම කොච්චර කතා කළාද කොච්චර මහන්සි වුණාද? අපි දන්නවා. අපි වේදිකාවේ ඉදන් කතා කරනවා. අපි මේ රට හදන්න පුළුවන් සැලසුම් හදන්න පුළුවන් අයත් එක්ක එකතුවෙනවා. හැබැයි ජන්ද තියෙන්නේ ගමේ. ගමේ ජන්ද පෙට්ටිය පුරවන්න මාලිමාවට කතිරය ගහන්න ඔබ කොච්චර වෙහෙසක් දැරුවද? කීපාරක් ගෙවල්වලට ගියාද? කොට්ඨාස සභා හැදුවා. අව්වෙ වැස්සේ තෙමී තෙමී විශාල වෙහෙසක් දරුවා මේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒ නිසා ප්‍රබල මාධ්‍ය මෙහෙයුමෙකින් එහා ගියපු ජනතාවගේ ක්‍රියාකාරිත්වයකින් තමයි ජාතික ජන බලවේගයේ ජය සහතික කළේ” යනුවෙන් දිසානායක මහතා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...