සියලුම දේශපාලන පක්‍ෂ අපේක්ෂකයින්ගෙන් කැෆේ සංවිධානය කළ ඉල්ලීම!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණය ජුලි මස 26 වනදා  ප්‍රකාශයට පත්කළ අතර නාමයෝජනා භාරදෙනු ලැබුවේ අගෝස්තු මස 15 වනදා බවත්, ඒ අනුව ජුලි මස 26 වනදා සිට මේ දක්වා කාල සීමාව තුළ දින 50කට ආසන්න කාලයක් දේශපාලන පක්‍ෂ වලට සහ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදී තිබුණු බව කැෆේ සංවිධානය පවසයි.

නමුත් මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයක් ලෙස ඔවුන්ට නිරීක්‍ෂණය වී ඇත්තේ, මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මාස 3කට පෙර සිටම ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන දේශපාලන පක්‍ෂ විසින් ප්‍රාදේශීය මට්ටමින් රැස්වීම ගණනාවක් පවත්වා ගෙන ගිය බවයි.

මේ අනුව දින 50 කුත් මාස 3ක් වැනි විශාල කාලයක් අපේක්ෂකයින් විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන තිබුණු අතර, අද මධ්‍යම රාත්‍රියෙන් පසුව එම මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙන බවද ඔවුන් පවසයි.

විශේෂයෙන් මෙම නිහඬ කාල සීමාව ලබා දෙන්නේ ඡන්ද දායකයට නිරවුල් මනසකින් තීරණක් ගැනීමට අවස්තාව ලබා දීමට බවද කැෆේ සංවිධානය පවසයි.

මේ නිසා එම කාල සීමාව තුළ ගෙයින්ගෙට ගොස් ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට හෝ  ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීමට හෝ සමාජ මාධ්‍ය භාවිත කරමින් ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස කැෆේ සංවිධානය සියලුම දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ගෙන් සහ අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.

පසුගිය මැතිවරණ වලදී නිහඬ කාලසීමවේදී මෙවැනි සිද්ධීන් පිළිබඳව පැමිණිලි ලැබී ඇති නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස කැෆේ සංවිධානය සියලුම දේශපාලන පක්‍ෂ වලින් හා අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 7ක වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුවේ හිටපු මහමාර්ග හා ක්‍රීඩා ඇමති රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ හිටපු...

රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් රජ පුටුවලට පැමිණි මාලිමා නායකයින් අද රාජ්‍ය සේවකයා අනාථ කරලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය බිහි කරන්නට දැවැන්තම ජන...

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...