අශුද්ධ සන්ධානයක් ගැන රාජිත හෙළි කරයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ (LNW):

නාමල් සහ සජිත්  අතර අශුද්ධ සන්ධානයක් පිහිටුවාගෙන ඇති බවත්, ඒ ජනාධිපති ධූරය සහ විපක්ෂ නායක ධූරය බෙදාගැනීම වෙනුවෙන් බවත්, සමගි ජනබලවේගයේ කළුතර
දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරණය ජයගැනීමට තමන්ට සහාය දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂට  විපක්ෂනායක ධූරය ලබාදීමටත්, රාජපක්ෂවරුන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක්
නොගැනීමටත් සජිත් ප්‍රේමදාස පොරොන්දු වී ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අද (18) කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය  හමුවකට එක්වෙමින්,සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත  සේනාරත්න මහතා මේ බව සඳහන් කර සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය අඩාල  කිරීමට කුමන අශුද්ධ සන්ධාන පිහිටුවා ගත්තත්, ඒ කිසිවක් සාර්ථක නොවන බවත්, මේ වන විටත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින බවත් ඒ මහතා  ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...