වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට පරම්පරාවෙන් ලැබුණු විශාල දේපළ ඇති බවත් ඔහු ඒවා වත්කම් – බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“වසන්ත සහෝදරයා කියන්නේ, වසන්ත සහෝදරයාගෙ අම්මලා, තාත්තලා, තඹුත්තේගම නගරයේ තමයි එයාලාගෙ ගෙවල් තියෙන්නෙ. මුළු පවුලටම – ඒ කාලෙ පවුලෙ දරුවෝ ඉන්නවනෙ දහය පහළොව. ඒ ජාතියෙ පවුලක් වසන්ත සහෝදරයාගෙ පවුල – ඉතින් ඒ පවුලට කඩ තියෙනවා, එයාටත් කඩ තියෙනවා. ඒවා පරම්පරා ඒවා. ඉතින් ඒවායෙ වත්කම් මෙන්න මෙච්චරයි කියලා කිව්වා. ඒක වරදක් නෙවෙයිනෙ”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...