ලෝක කුසලානය පෙනි පෙනී අතපත්තු අත්පත් කර ගත් ජය

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW:

කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් සූරතාවලියේ ජයග්‍රහණය පිට පිටම තෙවන වරටත් බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමට හිමි කර දෙන්නට පෙරමුණ ගත් ක්‍රීඩිකාව වෙමින්,චමරි අතපත්තු තරගාවලියේ වීරවරිය වීමේ කීර්තිය ළඟා කර ගත්තා.තරගාවලිය පුරා පිත්තෙන් ලකුණු 194 ක් සහ පන්දුවෙන් කඩුලු 7 ක් ලබා ගත් චමරි බාර්බඩෝස් කණ්ඩායමේ වැඩිම ලකුණු එකතුව ඇති ක්‍රීඩිකාව මෙන්ම වැඩිම කඩුලු එකතුව ඇති ක්‍රීඩිකාවද වුණා.චමරිගේ ලකුණු එකතුව තරගාවලියේ ක්‍රීඩිකාවක ලැබූ වැඩිම ලකුණු එකතුවද වූ අතර කඩුලු ලබා ගැනීමේදී චමරිට ඉදිරියෙන් කඩුලු 8 බැඟින් ලබා ගත් පන්දු යවන්නියන් දෙදෙනෙකු දකින්නට ලැබුණා.


අවසන් තරගයේදී තරගාවලියේ වැඩිම කඩුලු ලබා සිටි චමරිට පන්දු යැවීම සඳහා පන්දු ඕවර් 4 ම නොලැබුණ අතර ඇවය පන්දු ඕවර් 2 ක් යවා කඩුලු නොලබා ලකුණු 11 ක් ලබා දී තිබුණා.පළමුව පන්දුවට පහර දුන් ප්‍රතිවාදී ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම කඩුලු 3 ට ලබා ගත් ලකුණු 136 හඹා යද්දී ඉණිම අරඹමින් චමරි පන්දු 20 දී හතරේ පහර පහක් සමඟ ලකුණු 25 ක් ලබා දුන්නා.
එහෙත් වොරියර්ස් කණ්ඩායමේ පන්දු යවන්නියන් එල්ල කළ පීඩනය හමුවේ රෝයල්ස් කණ්ඩායමට සිය ලකුණු පූවරුව 137 ක් බවට පත් කිරීමට පන්දු ඕවර් 19.4 ක් පසු කරන්නට සිදු වුණා.එසේම කඩුලු 7 ක් පූජා කරන්නටත් සිදු වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එදවස සොඳුරුමය එතරම්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පොතක වරුණ.. එදවස සොඳුරුමය 7...

එක තැන පල්වෙන දුම්රිය නිලධාරීන්ට ඇමතිගෙන් යස පාඩමක්. අවසාන වොර්නින් එකත් දෙයි!

කොළඹ LNW:මගී ජනතාව වෙනුවෙන් දුම්රිය සේවය නිසි පරිදි ලබා...

බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද(18) දින ගම්පහ දිස්ත්‍රික්කයේ...