සටහන – රුවන් නෙළුගොල්ල
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ තුසිත හල්ලොලුව ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව සැකකරුව ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා ඔහුට විදෙස් ගමන් තහනම් කළ අතර ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසත් නියෝග කළේය.
නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥයා ගමන්ගත් වාහනයට වෙඩිතබා ලිපිගොනුවක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව පසුගිය අගෝස්තු 19 වනදා තුසිත හල්ලොලුවව අත් අඩංගුවට ගැනුණු අතර ඔහු ගමන්ගත් වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවන් යොදාගෙන ඔහු විසින්ම සිදුකරගෙන ඇතැයි අනාවරණය වී ඇති බවත් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි ජනතා අප්‍රසාදය ඇතිකරවීමේ අරමුණින් මෙය සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිව ඇති බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණි.
