තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ තුසිත හල්ලොලුව ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව සැකකරුව ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා ඔහුට විදෙස් ගමන් තහනම් කළ අතර ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසත් නියෝග කළේය.

නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥයා ගමන්ගත් වාහනයට වෙඩිතබා ලිපිගොනුවක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව පසුගිය අගෝස්තු 19 වනදා තුසිත හල්ලොලුවව අත් අඩංගුවට ගැනුණු අතර ඔහු ගමන්ගත් වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවන් යොදාගෙන ඔහු විසින්ම සිදුකරගෙන ඇතැයි අනාවරණය වී ඇති බවත් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි ජනතා අප්‍රසාදය ඇතිකරවීමේ අරමුණින් මෙය සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිව ඇති බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...