මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

Date:

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය අද (18) දින පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියට භාර දෙන බවයි රවී කරුණානායක මහතා සඳහන් කරන්නේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීමේ පනත වශයෙන් මෙය නම් කර තිබෙන බවත් මෙය ඉදිරිපත් කිරීමේ අරමුණ පසුගිය කාලය තුළදී දැඩි ආර්ථික අර්බුදවලට මුහුණ පා සිටින මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ට යම් සහනයක් ලබාදීම බවත් මන්ත්‍රීවරයා පවසයි.

විශේෂයෙන්ම මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 60%කට වඩා දායකත්වය දරන්නේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වන හෙයින් පසුගිය කාලය තුළ ඇති වූ යම් යම් ආර්ථික අර්බුද හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයන්ට මුහුණ පෑ බව පවසන මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන්නේ කොවිඩ් ලෝක වසංගතය සහ ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන්ට දැඩිව ආර්ථික අර්බුදවලට මුහුණපෑමට සිදුව ඇති බවයි.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට යම්කිසි සහනයක් ලබාදීම සඳහා මෙම පනත් කෙටුම්පත මගින් තමා යෝජනා කරන බවත් විශේෂයෙන්ම ඔවුන්ට දැනට අයකර තිබෙන පොළියට යම් සහනයක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

විශේෂයෙන්ම පරාටේ නීතිය ක්‍රියාත්මක වන නිසා මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැඩි අර්බුදයකට මුහුණපා සිටිනඅතර ඔවුන්ගේ දේපළ බැංකුවලට සින්නවීමේ යම් අවධානමක් ද පවතින බව හෙතෙම කියාසිටියි.

මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් නිසා මෙරට විශාල ප්‍රමාණයකට රැකියා හිමිවී තිබෙන බවත් මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින්ගේ ව්‍යාපාර යළි ශක්තිමත් කර ඔවුන්ට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම සදහා මෙම පනත කෙටුම්පත ඉතා වැදගත් වන බව රවී කරුණානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පතට ආණ්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ සහයෝගයද මන්ත්‍රීවරයා අපේක්ෂා කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...