මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW:

හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි මාර්ගය සහ දුර කෙරෙහි බලපාන පාරිසරික සාධක ද වෙයි.ඒ අතරින් සුළඟ, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ උන්නතාංශය ප්‍රධාන කොට සළකයි.මේ තත්ත්වයන් මලල ක්‍රීඩාවේ සිය්‍ය අංශ කෙරෙහි බලපෑම් ඇති කරන අතර ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවේදී ද මෙවැනි තත්ත්වයන් බලපාන නිසා කාසියේ වාසිය මත කණ්ඩායම් පන්දු යැවීම හෝ පහරදීම තීරණය කරන බව නිතර රූපවාහිණිය නරඹන අයෙකුටනම් මතක ඇත.


ක්‍රීඩාවේ ප්‍රතිපලය ඇඟේ හයිය,වේගය,නමණීයතාවය වැනි කරුණු මතම සිඳු නොවන බව දත යුතුය.පෞද්ගලික දක්ෂතාවය වර්ධනය හෝ වාර්තා ඇතිවීම සිඳුවන්නේ හුදෙක් ශරීරය සහ මනස මත කියනවාට වඩා තවත් ඒ සඳහා බලපාන සාධක තිබෙන බව දැන ගැනීම වැදගත්ය.


එවැනි සාධක මත ද දක්ෂතාවය තීරණය වන බව නොදැන සිඳු කරන ලිවීම් මෙන්ම ප්‍රකාශ ක්‍රීඩාමය මාධ්‍ය හී ගුණාත්මකතාවය මත පිහිටන්නේ නැත.සමහර විට එවැනි ලිවීම්වලින් තමන් අත්පත් කර ගන්නා ගුණාත්මක දේ තිබෙනවා විය හැකි නමුත් ක්‍රීඩාවට වන්නේ නම් හානියක්ය.එක තත්පර දශම ගණනකින් තරගයක පරාජය සහ ක්‍රීඩකයා සිය පෞද්ගලික කාලය වාර්තා කිරිමේ අඩුවක් ද දුටු විට සැනෙකින් තමන්ම ජවාධික යැයි කියා කියූ අශ්ව බලැති මිනිසා අඩු කැඩුණු අශ්වයෙකු කරනු අපේ මාධ්‍ය සම්ප්‍රදායන් තුළ වාර්තා වනු දැක ඇත.ඒ තරම් ඉක්මණින් අශ්වයන්ගේ අඩු කඩන්නට හැකි මාධ්‍ය කලාවක් ඇතුළේ සුමේධ රණසිංහ ගේ පසුබැසීමක් ගැන ලියවෙන අයුරු අපි ඊයේ සිට දකින්නෙමු.


සුමේධ සහ සහ සුදුසුකම් ලැබූ රුමේෂ් තරංග අතර වීසිකරන ලද දුරේ පරතරය මීටරයක් නැත.එය සෙන්ටිමීටර් 94 කි.මූලික තරගවල චොප්රා සහ නදීම් සිටින්නේත් හයවන තැන සහ පස්වන තැනය.සමහර විට අදත් ඔවුන්ට පදක්කම් නැති වෙන්නට ඉඩ ඇත.තරගය ක්‍රියාත්මක වන මොහොතට අදාළ පාරිසරික කාරාණාද ඊට බලපාන්නේය.ඒවා හැම සිරුරටම එකම විදිහට බලාන්නේ නැත.බලපෑමේ අඩු වැඩිය තීරණය වන්නේ ඒ සිරුරුවල ජෛව විද්‍යාත්මක සාධකවලට සාපේක්ෂවය. මානසික නඩත්තුවට සාපේක්ෂවය.මේ සියල්ල ඒ මොහොතින් බෙදා වෙන් කර ගත් උත්තර අනුව සිඳුවන දේ ය.


සුමේධ වර්ථමානයේ රුමේෂ් තරංග සිටින ඉහළ අඩියට බලපෑම් කරපු ප්‍රධානම සාධකය වන්නේය.රුමේෂ්ට හඹා යන්නට මීටර් අසූව ඉක්මවා ක්‍රියාත්මක වන්නට මීටර් 80 ඉක්ම වූ චරිතයක් ලංකාවේ සිටීම විශාල වශයෙන් බලපෑවේය.රුමේෂ්ව නිවැරදිව කියවා ගෙන බලධාරීන් දුර දැක්කේ නැත.විශාල බලපෑමකින් පසුව දිනා ගත් ජාත්‍යන්තර තරගයකදී රුමේෂ් තරංග සුමේධවත් ජාතික වාර්තාවත් ඉක්මවා ගොස් පෙන්නුවේය.ලංකාවේ බලධාරීන්ට හරි කියවීමක් තිබුණේනම් .රුමේෂ් ඊට පෙර කියවාගෙන ජාත්‍යන්තර අවස්ථා වැඩිපුර ලබා දී ඔහුව ඔලිම්පික් නියෝජනයට ද යවන්න තිබිණ.


වැදගත් සුමේධ තරගය අත නොහැර නැවත ජාතික වාර්තාව අත් කර ගැනීමය.එහෙත් රුමේෂ් නැවත සුමේධගෙන් එය උදුරා ගත්තේය.එසැනින් සියල්ල සුමේධව අත හැර රුමේෂ් ගෙන්නා මාධ්‍යය ඉදිරියේ පොරොන්දු දී සුමේධ දර්ශන තලයෙන් කටු ගෑ දැමීය.මාධ්‍ය ඉදිරියේ කළ රංගන හැරෙන්නට රුමේෂ් වෙනුවෙන් කළ දෙයක්ද නැත.එහෙත් ඇත්තටම සිඳු විය යුත්තේ මේ දෙදෙනාම ඇස් දෙක මෙන් රැක ගැනීමය.ඔවුන්ට රටේ හෙල්ල වීසි කිරීම මීටර් 90 සීමාව දක්වා තල්ලු කිරීමට අවශ්‍යය තරගකාරීත්වය රඳවා ගැනීමට පහසුකම් සැපයිය යුතුය.


ඒ නිසා රුමේෂ් මෙන්ම සුමේධ ද රැක ගත යුතුය.මේ තරගය දියුණු කරන්නේ ලංකාවේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ දක්ෂතාවයය.සුමේධ යනු මැකීමට සූදානම් නොවිය යුතු චරිතයකි.ඔහුගේන් තවත් ලංකාවේ මලල ක්‍රීඩා තෙලිකඩ මත ඇඳෙන්නට බොහෝ සිතුවම් රේඛා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු ප්‍රේෂණ වැඩිවෙලාද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : 2025 වසර තුළ විදෙස්...

රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට...

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...