මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

Date:

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය නියෝජනය කර මිනිසුන්ගේ සල්ලිවලින් දේශපාලන කළ අයගේ වත්කම් තමන්ගේ වත්කම්වලටද වඩා වැඩි වී ඇති බව පෙනෙන්ට ඇති පසුබිමක එලෙස වත්කම් උපයා ගත්තේ 76වසරක සපයා තුළද නැත්නම් පසුගිය අවුරුද්දක කාලය තුලද යන්න ඔවුන් පිළිතුරු දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

”මම නීතිඥවරයෙක් විදිහට වැඩකරලා තියෙනවා. ඊට අදාළව ටැක්ස් ගෙවල තියෙනවා. ඊට අමතරව පවුලෙන්, දෙමව්පියන්ගෙන් ලැබුණු වතුවල ආදායම් තියෙනවා. ඕක හංගන්න දෙයක් නෑ. මොකද ගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවෙදිත් හැම නාලිකාවකම පැවති විවාදවලදී මගෙන් ඕක ඇහුවා. මම ඒ ගැන උත්තර දුන්නා. ඊට කලින් 2010 ඉදන් හැම පාර්ලිමේන්තු මැතිවරණයකදීම ඔය ප්‍රශ්නය මගෙන් ඇහුවා. මම ඒවාට උත්තර දුන්නා. හැබැයි දැන් ප්‍රශ්නය තියෙන්නේ ඒක නෙවෙයි. නිර්දන පන්තිය නියෝජනය කරගෙන ඇවිල්ලා, මිනිස්සුන්ගේ සල්ලි වලින් දේශපාලනය කරලා,රාජපක්ෂලා තමයි මහා කෝටිපති ව්‍යාපාරිකයෝ ලෙස හැසිරුණේ කියල අපිට චෝදනා කරපු අයගේ වත්කම් දැන් අපිට වඩා වැඩියි. මේ වැඩි වුණේ අවුරුද්දක් ඇතුළතද නැත්නම් අර 76 අවුරුදු සාපයේ ව්‍යාපාර කරලා හම්බු කරපුවද? රටක් 76 වසරක් විනාශ වෙලා, කඩන් වැටිලා සාපයක්ව තිබුණ කාලෙත් කෝටි ප්‍රකෝටි ගාණින් මේ අය ආදායම් හොයල තියෙනවනේ. එහෙම නැත්නම් මේ සාපය ඉවර වුණා කියන්නේ අවුරුද්දකට කලින්නේ. එතකොට මේ අවුරුද්දකට කලින් හම්බ කරපුවද? ඔය දෙකට මේ අය උත්තරක් දෙන්න වෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු ප්‍රේෂණ වැඩිවෙලාද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : 2025 වසර තුළ විදෙස්...

රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...