රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක් රත්නපුර පොලිසිය මගින් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.ඒ රත්නපුර, ගොළුවාවිල පටුමඟ ප්‍රදේශයේදීය.

එහිදී, මෙරට නිෂ්පාදිත රිවෝල්වර අවියක්, පිස්තෝල අවියක්, පතරොම් 24ක්, හක්කපටස් 53ක්, බෝර 12 පතරොම් 383ක් හා බෝර 16 පතරොම් 57ක් එලෙස පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

එම නිවස හිමි 71 හැවිරිදි නීතිඥවරයා මීට දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.