යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම් ඔහුට පෙරලා ඉන් ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ අදාල සමාගම විසින් එකී සමාගමේ වැඩකරන සේවකයින්ගෙන් සූරාකනු ලබන අතිරික්ත වටිනාකම් වලින් කොටසකි. ලාබයේ කොටසක් යනු එයයි..
මෙහි ඇති ගැටලුව නම් එක් පැත්තකින් වෘත්තීය සමිති නායකයෙකු වී කම්කරු සූරාකෑමට එරෙහිව සටන්කරන වසන්ත තවත් පැත්තකින් සමාගම් විසින් කම්කරුවන් සූරාකෑමෙන් ලබන ලාබයේ කොටස් කරුවෙක් වන්නේ කෙසේද යන්නෙහිය..
තවත් පැත්තකින් වසන්ත යනු සමූපකාර ඇමතිවේ.. සමූපකාරය යනු පුද්ගලික කොම්පැනි වලට එරෙහිව ජනතාවගේම නිශ්පාදන හා බෙදාහැරීමේ ක්‍රියාවලියක් සඳහා සෑදූ ආයතන පද්දතියකි.. මෙහි ඇති ගැටලුව සමූපකාර ඇමති තමන්ගේ මුදල් සමූපකාරයේ ආයෝජනය නොකර පුද්ගලික කොම්පැනිවල කොටස් ලෙස ආයෝජනය කලේ මන්ද යන්නෙහිය..
මෙහිදී ඔහුගේ සමූපකාරය ඔහුටම ෂුවර් නැතුවාවද්දෝයි සැකයක්ද මතුවෙයි..
අනිත් ගැටලුව ජ.වි.පෙ. යනු පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධ සහ සෑම විටම රාජ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවෙන් මරාන්තික ලෙස පෙනීසිටි සංවිධානයකි..
නමුත් වසන්ත මුදල් උපයා ඇති තවත් ක්‍රමෝපායක් වන්නේ පුද්ගලික අධ්‍යාපන කලු කඩවලට ශාලා කුළියට දීමය..
මෙය ද පෙර ප්‍රපංච සේම උභතෝකෝටික විරුද්ධාභාෂයකි. ක්‍රිප්ටො කරන්සි ක්‍ර්‍රියාවලියද එවැනිම විරුද්ධාභාෂී මජර වැඩකි …
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
