ඇමතිවරු නැතුව රටක් ගෙනියන්න බෑ. පුළුවන් නම් කරලා පෙන්නන්න – ඇමති ශාන්ත

Date:

හෙට කවුරුන් බලයට පත්වුවත් අමාත්‍ය ධුර ලබානොදී රටේ පරිපාලනය පවත්වාගෙන යාමට නොහැකි බවත් වත්මන් රජයේ ද අමාත්‍ය ධුර ලබාදී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

“ඇමතිවරු පැටව් ගහලා නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමයි ඇමතිවරු පත්කරලා තිබෙන්නෙ. විමල් වීරවංශ මැතිතුමාත් දිගටම මේ කැබිනට් මණ්ඩලවල හිටියානෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ඇමතිකම් දීලා නැහැනෙ. රටේ කටයුතු පවත්වාගෙන යාමේ වගකීම තියෙන්නේ ජනාධිපතිතුමාට. හෙට සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණොත් ඇමති ධුර දෙන්නෙ නැද්ද ? හෙට විමල් වීරවංශ මහත්තයා ජනාධිපති වුණොත් ඇමතිකම් පත්කරන්නෙ නැද්ද ? හෙට අනුර කුමාර දිසානායක මහත්තයා ජනාධිපති වුණොත් ඇමතිකම් පත්කරන්නෙ නැතුව ගෙනියන්න පුළුවන්ද ? නිකම් බොරු කතානෙ …

නිදහසෙන් පස්සේ හැමදාම ඇමතිවරුන් පත්කළාම ඔය කතා කියනවා. ඔය අනුර කුමාර දිසානායක මහත්තයා ඇමතිකම් දැරුවෙ නැද්ද ? 2004 එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙ හොඳම ඇමති ධුර ජනතා විමුක්ති පෙරමුණනෙ දැරුවෙ. මේ රටේ තියෙන ප්‍රධානම විෂයයන් දැරුවෙ ජනතා විමුක්ති පෙරමුණ. කෘෂිකර්ම, වාරිමාර්ග, පශූ සම්පත් ඒ ඔක්කොම අනුර කුමාර දිසානායක මහත්තයා. අපි ඒවා තරහෙන් කියනවා නෙවෙයි. මොකද විශාල විෂයයන් ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් හැටියට බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රවාහන කැබිනට් ඇමති. ජනමාධ්‍ය කැබිනට් ඇමති. මහාමාර්ග කැබිනට් ඇමති. දැන් බන්දුල ගුණවර්ධන මැතිතුමා මේ තියෙන විශාල ප්‍රමාණයක් ආයතන කොහොමද පරිපාලනය කරන්නෙ ? ඒ නිසා මේ ඇමති ධුර ලබාදීලා තියෙන්නෙ, ඉදිරියේදී දුන්නත් ඒ දෙන්නෙ රටේ පරිපාලනය හරියාකාරව ගෙනයාමට මිසක් වෙන දේකට නෙවෙයි. හෙට සජිත් ප්‍රේමදාස මහත්තයා ආවත් අනුර කුමාර දිසානායක ආවත් වෙනකෙනෙක් ආවත් ඇමති ධුර දෙන්නෙ නැතුව රට ගෙනියන්න බෑ, පුළුවන් නම් කරලා පෙන්නන්න කියන්න”

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පෙරේදා (16) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...