ඇමතිකම් ගත් පිරිස පක්ෂයෙන් පන්නන්න මෛත්‍රී සැරසෙයි !

වත්මන් ආණ්ඩුවට එක්ව කැබිනට් අමාත්‍ය තනතුරු සහ රාජ්‍ය අමාත්‍ය තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයින්ව පක්ෂයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව එහි පළමු පියවර වශයෙන් ඔවුන් පක්ෂයෙහි දරණ තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මීට දින කිහිපයකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී පවත්වා ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි ව්‍යවස්ථාව පසුගියදා සංශෝධනයට ලක් කෙරුණු අතර පක්ෂයේ තීන්දුවලට පටහැණිව ක්‍රියාකරන ඕනෑම අයෙකු තනතුරුවලින් ඉවත් කිරීමේ බලය එම සංශෝධන හරහා පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...