ජනපතිගේ සොයුරුගේ සාදයේදී සිවිලිමට වෙඩි තබා රාජ්‍ය ඇමතිවරයකු ඩෙඟා නටලා!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බාල සොහොයුරු වන චන්න වික්‍රමසිංහ, ඉකුත් දින අලුතින් දිව්රුම් දුන් රාජ්‍ය ඇමතිවරුන් සඳහා සාදයක් පවත්වා ඇති අතර, මීට සහභාගී වූ එක් ඇමතිවරයකු රැස්ව සිටි පිරිස කම්පනයට පත්කරන ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කර ඇති බව වාර්තා වෙයි.

මෙම සාදයට ආරාධනා ලැබූ බොහොමයක් දෙනා එදින පැමිණ ඇති අතර, මධුවිත රස බලා මත් වූ එක්තරා රාජ්‍ය ඇමතිවරයකු ජනපතිගේ සොයුරු ද ඇතුළු රැස්ව සිටි පිරිස කම්පනයට පත්කරමින් හඬ නඟමින් කෑ ගසමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිර ඇති අතර, ක්ෂණිකව සිය ගිනි අවිය රැගෙන සාදය පැවැත්වූ නිවසේ සිවිලිමට වෙඩි තබා තිබේ.

මෙම වෙඩි තැබීමෙන් සිවිලිමේ කොටසක් ද කඩා වැටී ඇති අතර, එම කොටස් සිරුරට පතිත වීම මත සාදයට සහභාගී වූ එක් ආරාධිතයකු තුවාල ලැබීම නිසා ඔහු රෝහල් ගත කිරීමට ද සිදුව ඇත.

මෙසේ උමතුවෙන් මෙන් හැසිරුණු රාජ්‍ය ඇමතිවරයා ප්‍රභල දේශපාලන පවුලකින් පැවත එන තරුණ මන්ත්‍රීවරයකු බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...