ජනපතිගේ සොයුරුගේ සාදයේදී සිවිලිමට වෙඩි තබා රාජ්‍ය ඇමතිවරයකු ඩෙඟා නටලා!

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බාල සොහොයුරු වන චන්න වික්‍රමසිංහ, ඉකුත් දින අලුතින් දිව්රුම් දුන් රාජ්‍ය ඇමතිවරුන් සඳහා සාදයක් පවත්වා ඇති අතර, මීට සහභාගී වූ එක් ඇමතිවරයකු රැස්ව සිටි පිරිස කම්පනයට පත්කරන ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කර ඇති බව වාර්තා වෙයි.

මෙම සාදයට ආරාධනා ලැබූ බොහොමයක් දෙනා එදින පැමිණ ඇති අතර, මධුවිත රස බලා මත් වූ එක්තරා රාජ්‍ය ඇමතිවරයකු ජනපතිගේ සොයුරු ද ඇතුළු රැස්ව සිටි පිරිස කම්පනයට පත්කරමින් හඬ නඟමින් කෑ ගසමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිර ඇති අතර, ක්ෂණිකව සිය ගිනි අවිය රැගෙන සාදය පැවැත්වූ නිවසේ සිවිලිමට වෙඩි තබා තිබේ.

මෙම වෙඩි තැබීමෙන් සිවිලිමේ කොටසක් ද කඩා වැටී ඇති අතර, එම කොටස් සිරුරට පතිත වීම මත සාදයට සහභාගී වූ එක් ආරාධිතයකු තුවාල ලැබීම නිසා ඔහු රෝහල් ගත කිරීමට ද සිදුව ඇත.

මෙසේ උමතුවෙන් මෙන් හැසිරුණු රාජ්‍ය ඇමතිවරයා ප්‍රභල දේශපාලන පවුලකින් පැවත එන තරුණ මන්ත්‍රීවරයකු බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...