බොරතෙල් මිල අඩුවෙද්දී මිල සූත්‍රය නෑ. රජය හිතාමතා වංචාවක් කරනවා – ත්‍රීරෝද රථ සංගම්

Date:

ලෝක වෙළඳපොලෙහි බොරතෙල් මිල ඉහළ යනවිට මෙරට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වුවත් එම මිල පහළ යනවිට මෙරට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බවත් මෙය ඉතාම අසාධරණ තත්වයක් බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි.

“අරහෙ බොරතෙල් මිල වැඩිවෙලායි අඩුවෙලායි කියනවා. මිල සූත්‍රයක් හඳුන්වලා දෙනවා, හැබැයි අඩුවෙන සූත්‍රයක් නෑ. ඒකත් ඉතින් අපිව කන්ට සූත්‍රය. වැඩිවුණාම සූත්‍රය එයි, ලෝකෙ බොරතෙල් මිල අඩුවුණායි කියලා අපට ඒ සූත්‍රය එන්නෙ නෑ. ඉතාම කණගාටුදායකයි කියන්න මේ ඉන්ධන ප්‍රශ්නය හමුවේ ආණ්ඩුව කරන්නේ හිතාමතාම දැන් නම් බරපතළ වංචාවක්. මේකෙන් ගසාකනවා කියලා තමයි අපට හිතෙන්නෙ”

ලලිත් ධර්මසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (17) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අගෝස්තු මාසය වනවිට ලෝක වෙළඳපොලෙහි ඇමරිකානු ඩොලර් 103.81ක්ව පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 91.35ක් දක්වා පහත බැස ඇතත් මෙරට ඉන්ධන මිලෙහි සංශෝධනයක් අගෝස්තු 01 වනදා සිට මේ දක්වා සිදුව නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...