දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/18

Date:

1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රටේ ආදායම් වැඩිදියුණු කර රටින් පිටත ඇති විදේශ විනිමය ආපසු ලබා ගැනීමට සැලසුම් කරන බව එම දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ඩී ආර් එස් හපුආරච්චි මහතා අවධාරණය කරයි.

2. 2024-2025 වන විට කොළඹ බටහිර සහ නැගෙනහිර ගැඹුරු ජල පර්යන්ත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බව වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

3. ණය පැහැර හැරීම සහ පුළුල් ව පැතිරුණු විරෝධතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර දෙකකින් එහි නරකම මට්ටමට හැකිලී ගිය බව Bloomberg වාර්තා කරයි. – 2022 ජූනි 30 දක්වා මාස 3 කාලය තුළ ආර්ථිකය 8.4% කින් හැකිලී ගොස් ඇත.

4. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර හා ආර්ථික කොමිෂන් සභාව ආදිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට පවරයි.

5. ඩුබායිහි සැඟවී සිටින පාතාල අපරාධකරුවන් 13 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පවසයි – ඔවුන් අතර, ‘හරක් කටා’, ‘ගනේමුල්ලේ සංජීව’ සහ ‘කුඩු ධර්මේ’ ඇතුළු නම ගිය පාතාල නායකයන් සිටින බව අනාවරණය කරයි.

6. දිවයිනේ සියලුම බන්ධනාගාරවල උපරිම ධාරිතාව රැඳවියන් 13,200ක් වන නමුත් දැනට සිටින රැඳවියන් සංඛ්‍යාව 24,000ක් පමණ වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

7. කටාර් එයාර්වේස් හි රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගාලු පාරේ පෝලිම් ගැසී සිටිති.

8. ගාලු මුවදොර අරගලයට සක්‍රීයව සහභාගී වූ “කළු කැප් ව්‍යාපාරයේ” කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත පොලිසියට කැඳවයි.

9. මෙම වසරේ 36 වැනි සතිය වන විට ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 55,012ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේ එම සංඛ්‍යාව 18,265ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

10. මහමඟ ගමන් ගන්නා කාන්තාවන්ගෙන් රන් මාල, ජංගම දුරකථන, වළලු, පෙන්ඩන්ට් සහ මුදල් උදුරා ගැනීමේ සිද්ධීන් වැඩි වෙයි!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...