ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි ආන්දෝලනාත්මක එයාර්බස් ගණුදෙනුවට අදාළ නඩුව අද (18) යළි කැඳවීමට නියමිතයි.
එයාර්බස් ගුවන් යානා ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනා මත ඉකුත් 4 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද නාමල් රාජපක්ෂ අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා ලබා ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවකට අදාළව නාමල් රාජපක්ෂ ,මන්ත්‍රීවරයා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 13 වැනිදා නාමල් රාජපක්ෂ එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබීය.



