නාමල්ට එරෙහි අල්ලස් නඩුව අද යළි කැඳවයි!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි ආන්දෝලනාත්මක එයාර්බස් ගණුදෙනුවට අදාළ නඩුව අද (18) යළි කැඳවීමට නියමිතයි.

එයාර්බස් ගුවන් යානා ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනා මත ඉකුත් 4 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද නාමල් රාජපක්ෂ අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා ලබා ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවකට අදාළව නාමල් රාජපක්ෂ ,මන්ත්‍රීවරයා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 13 වැනිදා නාමල් රාජපක්ෂ එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...