රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් අංශයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
මැලේසියාව සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 86ක විශිෂ්ට ජයග්රහණයක් වාර්තා කරමින් ඔවුන් මෙම ජයග්රහණය තහවුරු කර ගත්තේය.
මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 160ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ මැලේසියානු ක්රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 74ක් පමණක් වන අතර, මෙය ශ්රී ලංකාව තරගාවලියේ සහභාගී වූ පළමු තරගය වීම විශේෂත්වයකි.



