*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

සැබෑ වීරයන්ගේ ඩොලර් මල්ල බෙදෙන හැටි

ආසියානු කුසලාන තරගාවලියේ සැබෑ වීරයෝ පිට්ටනිය නඩත්තු කළ මිනිස්සු බව අපි කිහිප වතාවක්ම තරගාවලිය අතරතුර සඳහන් කළේය.ඊටත් ප්‍රථම අප ඒ අයගේ ජීවිත ගැන හොයද්දී දැන ගන්නට ලැබුණේ කොවිඩ් වසංගත සමයේ බිද වැටුණ රටේ ආර්ථිකයත් සමඟ හැප්පෙන්නට හැකි පරිදි සාමාන්‍ය මට්ටමට වැඩියෙන් වැටුප වැඩ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියා කළ බවය.අපි එය ද ලීවෙමු.

දැන් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් දිගටම ලැබුණ ඇගයීම් වටිනාකම්වලට මූල්‍යමය වටිනාකම් ද එකතු වී ඇත.ඒ ආසියානු ක්‍රිකට් සංගමය ඔවුන්ට පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් 50000 නිසාය.එසේම අවසාන තරගය ශ්‍රී ලංකාව සහ මොහොමඩ් සුරාජ් අතර තරගයක් බවට පරිවර්ථනය කර ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සුරාජ් අවසාන තරගයේ වීරයා හැටියට ඔහුට හිමි වූ ඩොලර් 5000 ක මුදලද ක්‍රීඩාංගණ කණ්ඩායමට පිරිනමා ඇත.
මේ වන විට රටේ ඇති වූ තත්ත්වය මත රුපියල් 35,000 ක මාසික වැටුපක් ලැබූ ක්‍රීඩාංගණ කම්කරුවෝ රුපියල් 75000 ක වැටුපක් ලබන්නේය.එය සමහර විට මාසිකව අතිකාල දීමනා ද එකතු වූ පසු රුපියල් 125000 ක් වන අවස්ථා ද හිඟ නැත.ඒ නිසා මේ කම්කරුවන්ට ත්‍යාග ලෙස ලැබුණු මුදල් ගසා කනු ඇතැයි යන කතාවේ ඇත්තක් තිබිය නොහැකිය.

මේ පරිත්‍යාග හම්බවෙන්න ඉස්සෙල්ලම මේ තරගාවලිය වෙනුවෙන් කරපු කැප කිරීමට රුපියල් 6000 ක මුදලක් එක් අයෙක් වෙනුවෙන් පිරිනමන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබූ බව පවසන්නේ ක්‍රීඩාංගණ සහ තණතීරු භාර ප්‍රධානියා ලෙස කටයුතු කරන ග්‍රොඩ්පි දබරේරා ය.
අපි ඊ ළඟට ඔහුගෙන් මේ ඩොලර් තෑගි කොයි ආකාරයෙන් බෙදෙන්නේදැයි ඇසුවෙමු.

“මේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක කැපවීමෙන් වැඩ කරන්නෙ ඒ පිටුපස ඔවුන් වෙනුවෙන් වැඩ කරන පිරිසකුත් සිටින නිසයි.විශේෂයෙන්ම තණතීරු සැකසීමේ දැනුම සහිත අයත්,යම් යම් නාර්යයන් ඔවුන් වෙනුවෙන් කරන අයත්,තණතීරු ආවරණ එක්ක වෙහෙසී මහා විශාල වැඩක් කරන ඔවුන්ට පිටුපස සිට උපකාර කරනවා.”

ග්‍රොඩ්පි පවසන්නේ ඔවුන්ගේ කළමණාකරණය කරන වැඩ පිළිවෙලේ විධායක ශ්‍රේණියේ සිට පහළට නිලධාරීන් සමිබන්ධ අංශයක් තිබෙන බවය.ඒ අයටත් මෙහි කීර්තිය අයිති බව ද ඔහු පෙන්වා දෙන්නේය.
ග්‍රොඩ්පි පෙන්වා දෙන්නේ මේ නිත්‍ය සේවක පිරිසට අමතරව කම්කරු තනතුරුවලට තරගයෙන් තරගයට කැදවන පිරිසක් ද සිටින බවය.ඔවුන්ට ආහාර දීමනා ඇතුළු සියල්ල සළකන විට දවසකට රුපියල් 6500 – 7000 ක මුදලක් වැය වන්නේය.

“දවසක වැටුප හැටියට රුපියල් 3000 ක් දෙනවා.ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා ආහාර වේල පහක් ඔවුන් වෙනුවෙන් සැපයෙනවා.”
ඔහු පෙන්වා දෙන්නේ මේ කාර්ය මණ්ඩලවල වැදගත්කම තමන් ලබන මුදලට රටට කීර්තියක් ලැබෙන ආකාරයට තමන්ගේ උපරිමය ලබා දීමට මැලිකමක් නැතුව සේවයේ යෙදීමය.ඒ නිසා ස්ථිර වගෙම තානකාලිකව දෛනික රාජකාරි සදහා සේවයට බදවාගෙන වැඩ කළ අයත් මේ මුදල් ගෙනීමට ඇතුළත් කරන බව ගොඩ්ප්‍රි පවසයි.

“මම හිතන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් වුණත් තව මේ අය ගැන හිතයි කියලා”
ක්‍රීඩා පිටිය යහපත් මට්ටමෙන් පවත්වා ගන්නට අපහසු තරමට කාලගුණය අවුල් වුව ද,සේවක උත්සාහය මත සියල්ල නිසි පරිදි සහ නිවැරදිව ඉටු කිරිම නිසා තරගාවලිය ශ්‍රී ලංකාවේ සංවිධානයට විශාල කීර්තියක් ඇති කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිරන්තරයෙන් විශ්වාස කරන නිසා ඔවුන් ද තව දුරටත් අගයනු ඇතැයි විශ්වාස කිරීම අසාධාරණ නැති බව ගොඩ්ප්‍රිගේ අදහසය.

එසේම ගොඩ්ප්‍රි පසුගිය කාලයේ මහත් මහන්සියෙන් සකස් කළ රදැල්ල ක්‍රීඩා පිටිය නිසා විදේශයක පුහුණුව ලබන්නට ජාතික කණ්ඩායමට වැය කළ යුතු විශාල මුදලක් ඉතිරි කර ගන්නට හැකි විය.

“ඒක ඉතාම වටිනා තැනක්.නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එම ක්‍රීඩාංගණය පාලනය කරන ලිඳුල ක්‍රීඩා සමාජයට සම්බන්ධ වතු හිමියන් යම් එකඟතාවයකට ආ යුතුයි.ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පවරන්න නෙමෙයි යෝජනා කරන්නෙ.නමුත් ලංකාවේ ඉතා ඉතාම හොඳ ඉහළ ඉපිලීමක් දරන එවැනි තණතීරු නිරන්තරයෙන් නඩත්තු කළ යුතුයි.ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යම් වගකීමක් පැවරෙන ගිවිසුමක් සැකසෙන්න ඕනි.”
ගොඩ්ප්‍රි ලබා දෙන්නේ මේ මොහොත වන විට එම තණතීරු නිවැරදිව කළමණාකරණය නොව බවට ඉඟිය.මේවා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඉහළින් රටේ පාලකයන් එබී සාක්ෂිකරුවන්ව මැදිහත්කරුවන්ව විසඳා දිය යුතු ප්‍රශ්ණය.නමුත් ඒවා සිඳු නොවන නිසා යා හැකි උපරිම සීමාවේ ප්‍රශ්ණ නැවතෙන බවත්,එයින් රටට පාඩුවක් වන බවත් වගකීම ඇති අයම හඳුනා නොගැනීම සදාකාලයටම අදාළ බරපතල ගැටළුවකි.

කෙසේ වුවත් ඩොලර් 50000 දීමනාව මෙන්ම මොහොමඩ් සුරාජ්ගේ ඩොලර් 5000 ද පල්ලෙකැලේ සහ ඛෙත්තාරාමයේ ක්‍රීඩා පිටිය හා බැදුණ සියල්ලන් අතරේ වගකීම් අනුව බෙදී යනු ඇත.ගොඩ්ප්‍රිගේ වචන කෙරෙහි අප විශ්වාසය තබන්නෙමු.ඒ විශ්වාසයට එක හේතුවක් වන්නේ මේ සේවකයින් දෙස මේ දීමනා ලැබෙන්නටත් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් දයාවෙන් සහ කරුණාවෙන් බලා තීබමය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan