වජිර කියන විදිහට ජන්ද කල්දාන්න බැහැ – ජී.එල්.

Date:

කොළඹ LNW:පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල් දැමීමට යෝග්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූ අතර එසේ සිදුවුවහොත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බව අද (18) කොළඹදී පැවති නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

රජය පවසන ආකාරයට ජනතා අවශ්‍යතා සපුරාලීමට නම් ජනතා පරමාධිපත්‍යය කැප කළ යුතු බවයි ජී. එල්.පීරිස් මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එසේ නොවන්නේ නම් ඉන්පසුව සිටින ජනාධිපතිවරයා නීති විරෝධී ජනාධිපතිවරයෙක් වන බව හෙතෙම අවධාරණය කරයි.

”ලබන වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු නව ජනාධිපතිවරයෙක් තෝරාපත් නොගත්තොත් ජනාධිපතිවරයා සතු කාර්ය භාර සියල්ලම අහෝසි වෙනවා.දෙවන ණය වාරිකය ලබාදීම සඳහා IMF නියෝජිතයින් මෙරට සමීක්ෂණ කටයුතු වල නියැළෙන හෙයින් අවස්ථාවකදී මෙවැනි ප්‍රකාශ සිදු කිරීම නුවණට හුරු නැහැ. ජනාධිපතිවරණ නියමිත කාලයට නොපැවැත්වුවහොත් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවෙයි.ජනාධිපති ධූර කාලය අවසන් වූ පසු මහජන මතය උරගා බැලිය යුතු බවට ප්‍රථම විධායක ජනාධිපතිවරයෙක් වූ ජේ.ආර්. ජයවර්ධන මහතාද ප්‍රකාශ කර තිබුණා. බලයේ කේන්ද්‍රස්ථානය වන්නේ මහජන කැමැත්ත. පළාත් පාලන,පළාත් සභා මැතිවරණ කල් දැමුවා සේ ජනාධිපතිවරණය කල් දැමීමට හැකියාවක් නැහැ.යම් හෙයකින් ජනාධිපතිවරණය කල් දමා ඒකාධිපති පාලනයක් කරා ගමන් කරන්නේ නම් පොදු විපක්ෂය එයට විරුද්ධව දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සටන් කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...