වජිර කියන විදිහට ජන්ද කල්දාන්න බැහැ – ජී.එල්.

Date:

කොළඹ LNW:පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල් දැමීමට යෝග්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූ අතර එසේ සිදුවුවහොත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බව අද (18) කොළඹදී පැවති නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

රජය පවසන ආකාරයට ජනතා අවශ්‍යතා සපුරාලීමට නම් ජනතා පරමාධිපත්‍යය කැප කළ යුතු බවයි ජී. එල්.පීරිස් මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එසේ නොවන්නේ නම් ඉන්පසුව සිටින ජනාධිපතිවරයා නීති විරෝධී ජනාධිපතිවරයෙක් වන බව හෙතෙම අවධාරණය කරයි.

”ලබන වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු නව ජනාධිපතිවරයෙක් තෝරාපත් නොගත්තොත් ජනාධිපතිවරයා සතු කාර්ය භාර සියල්ලම අහෝසි වෙනවා.දෙවන ණය වාරිකය ලබාදීම සඳහා IMF නියෝජිතයින් මෙරට සමීක්ෂණ කටයුතු වල නියැළෙන හෙයින් අවස්ථාවකදී මෙවැනි ප්‍රකාශ සිදු කිරීම නුවණට හුරු නැහැ. ජනාධිපතිවරණ නියමිත කාලයට නොපැවැත්වුවහොත් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවෙයි.ජනාධිපති ධූර කාලය අවසන් වූ පසු මහජන මතය උරගා බැලිය යුතු බවට ප්‍රථම විධායක ජනාධිපතිවරයෙක් වූ ජේ.ආර්. ජයවර්ධන මහතාද ප්‍රකාශ කර තිබුණා. බලයේ කේන්ද්‍රස්ථානය වන්නේ මහජන කැමැත්ත. පළාත් පාලන,පළාත් සභා මැතිවරණ කල් දැමුවා සේ ජනාධිපතිවරණය කල් දැමීමට හැකියාවක් නැහැ.යම් හෙයකින් ජනාධිපතිවරණය කල් දමා ඒකාධිපති පාලනයක් කරා ගමන් කරන්නේ නම් පොදු විපක්ෂය එයට විරුද්ධව දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සටන් කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...