ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් දිවිසැරිය නිමකරයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක සහ ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක හා ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අභාවප්‍රාප්ත වි ඇත.

1979 දී ගුවන් විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ශිල්පිනියක ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය, 1981 දී සහය නිවේදක මණ්ඩලයට ඇතුළත් වූ අතර, 1988 දී ගුවන් විදුලි දෙවැනි ශ්‍රේණියේ ස්ථිර නිවේදිකාවක වූ රම්‍ය ශ්‍රියානි පතිරණ 1994 දී පළමු ශ්‍රේණියේ නිවේදිකාවක ලෙස ගුවන් විදුලිය තුළ තම දක්ෂතාව දක්වා ඇත.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ වසර 38 ක් නිවේදිකාවක ලෙස සේවය කළ අතර 2015-2016 වසර තුළ ඉහළ ශ්‍රේණිගත නිවේදන ශිල්පිනියක වූ ඈ මිය යනවිට 64 වන වියේ පසුවිය.

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව ඇය අද (18) අළුයම අභාවප්‍රාප්ත වී ඇති අතර, දේහය අද පස්වරු 2.00 සිට පන්නිපිටිය, ඇරව්වල උස්වත්ත මැදපාර, අංක 304/2 දරණ නිවසේ තැන්පත් කර ඇත.

ගුවන් විදුලිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ඇය,ගුවන් විදුලිය තුළ සදා නොමැකෙන මතකයක් වේවි !

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...