Friday, September 22, 2023
spot_img

Latest Posts

American XL Bully තහනම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දැඩි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ (American XL Bully) නමැති සුනඛ වර්ගය තහනම් කිරීමට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුඩා දරුවන් ද ඇතුලුව, බ්‍රිතාන්‍යයේ ‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ ( American XL Bully ) සුනඛයන්ගේ ප්‍රහාරයට ලක් වුණු සිදුවීම් රැසක් වාර්තා වී ඇති බැවන් 2023 වසර අවසානයේ, සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය තහනම් කිරීමට නව නීති ගෙන එන බවද අගමැති රිෂි සුනක් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නමුත් අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණයට අප්‍රසාදය පළ කළ පිරිස් ද සිටින බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.